" ඉතින් මොකටද හොරා වගේ හිටියෙ නැගිටින්නෙ නැතුව..? "
හසරැල් ඒකට උත්තර දුන්නෙ නෑ.. පියවිලා තිබ්බ ඇස් ඇරෙනකොට නුවේද් හිටියෙ හසරැල් දිහාවට ඇස් අලවගෙන..
වැස්ස තාමත් නැවතිලා නෑ.. වැස්සෙ සද්දෙත් එක්ක මෙතන ඒ දෙන්නට කතා කරන්න නෙමේ කෑ ගහන්න උනත් නිදහස තිබුනා.. මොකද ගෞරි හිටියෙ ශොප් එක ඉස්සරහම තියෙන ටේබල් එක ලඟ..
හසරැල් අතක රැඳිලා තියෙන නුවේද්ගෙ අර බ්‍රේස්ලට් එක දැකලා නුවේද්ගෙ මූණෙ හිනාවක් ඇඳෙද්දි එයාට මතක් උනේම ඕක හින්දත් එල්ලි එල්ලි රන්ඩු උනා නේද කියන එක..
" අයියෙ.. "
" ම්ම්ම් "
බ්‍රේස්ලට් එකේ සිහියෙන් උන්නු නුවේද් ආයෙම හොඳ සිහියට අරන් ආවෙ හසරැල්ගෙ කටහඬ..
" ගෞරි අක්කා එයි.. ඔයාට බය නැද්ද ? "
" එයා දැන්ම එන්නෙ නෑ..මල් නෙළනවා.. "
" මොන මල් "
ඒ කිව්ව එක තාම හසරැල්ට තේරිලා නෑලු.. එයා එහෙම ඇහුවෙ හෙන සීරියස් විදියට..
" ආදර මල්.. "
මේ මොට්ටපාලට තාමත් තේරිලා නෑ ඒක.. ඒ මොන මගුලක්ද කියලා අහන්න වගේ මූණත් හදාගෙන තාම නුවේද්ගෙ දිහා බලන් ඉන්නවා..
" ඔයයි මායි උදේ වෙනකන් නෙලුවෙ.. අන්න ඒ මල්.. ඒ නිසා එයා දැන්ම මේ පැත්තට එන්නෙ නෑ "
" ආහ්.. "
ඔන්න සීන් කෝන් එක ගානට මීටර් වෙනකොට හසරැල් එයාගෙම අත් අස්සෙ මූණ හංගගත්තා.. ඔය කෝලම් වලට තමා ඉතින් නුවේද්ට එයාව චප්ප වෙලා යනකල් ඉඹින්න හිතෙන්නෙ.. ඒ උනාට තැන හරි නැති නිසා ඉවසනවා මිසක් නැත්තන් හසරැල් මේ වෙද්දි මූණ රතු කරන් ඉඳී තක්කාලි ගෙඩියක් වගෙ.. හසරැල් තාම නුවේද්ගෙ අත අයිති කරගෙන. හැබැයි හසරැල්ගෙ තොල් නුවේද්ගෙ අත උඩ වදිනකොට වැහි සීතල පරද්දගෙන රස්නයක් එයාගෙ ඇඟ දිගේ දුවනවා.
ඒ නිසාම නුවේද් හසරැල් අයිති කරන් උන්නු එයාගෙ අත ඇදලා ගද්දි ඔන්න හසරැල්ගෙ මූණ ඇද වෙලා ගියා..
නුවේද් කරේ ලා හිනාවක් එක්ක හසරැල්ගෙ මූණ දිහා බලන් ඉඳපු එක විතරයි..
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️