දහසක් මල් විකසිත වන හිමි දිරි උදෑසනේ කුරුල්ලන්ගේ කීචී බීචී නාදයත් , පරිසරයෙන් හමා එන්නා වූ සිසිල් වාතයත් , නැව්ම් සුවදත් සමගින් ජීවිතයේ තවත් එක් සොදුරු දිනයකට පා තබන්නටයි මා මේ සූදානම් වන්නේ...
ආච්චිගෙ වස්ත්‍රේ තමා !!!
ඕලෙවල් ලියලා ගෙදර ඇවිත් නිවාඩු දවස් ටිකේ ආතල් එකේ ඉන්න හිතුවට මොකද නිවාඩු මාසෙ සති දෙකයි ගෙව්නෙ තාත්තගේ පැත්තෙ නෑයෙක් නැති වෙලා කියල අද උදේම ගෙදරට කව්දෝ කියල තිබ්බා . නැති වෙලා කිව්වේ ආන්ත්‍රා වෙලා . අපි මේ එහෙ යන්න සූජානම් වෙනවා . අපි කිව්වට මන් හැර අනිත් සියලු දෙනා .
වෙන එකෙක්ට මේ වගේ වෙලාවකදි දුක හිතුනත් මටනම් මේ වෙලාවෙ මුකුත්ම හිතෙන්නෑ . දුක තියා අඩුම සතුටක්වත් නැ .
අම්මයි තාත්තයිනම් උදේ ඉදන් නැට්ට ගිනි අරගෙන වාගෙ මල ගෙදරට යන්න ලෑස්ති වෙනවා . කෝල් කරනවයි බඩු ලෑස්ති කරනවයි එක යුද්දයයි එතන .
හහ් එයාල දන්නෙ නෑනෙ නැති උන ගෑණි ඉන්නකම් කරේ මාව හැමෝගෙන්ම කොන් කරපු එක කියලා . අඩුම එහෙම දැනෙන්න කෞරුත් ඉස්සරහ එහෙම හැසිරුනෙත් නැහැනෙ . ඉතිං උදේ ඉදන් එයාලා එහෙටයි මෙහෙටයි දුවන් අතරේ මමනම් අහස කඩා වැටුනත් මොකෝ කියලා ඇදට වෙලා පුප උඩ දාගෙන බුජි .
මෙච්චර දේවල් කියවන මන් ගැන කිව්වොත් මම ඇවිල්ලා "ලෝහස් ආරද්‍ය දිසානායක".පව්ලෙ හිච්චි හුරතලේ උන මම ඕලෙවල් කරලා කට ගත්තා විතරයි . පුහ් දැන් ආයෙ ඒලෙවල් කරපම්කො . ඔන්නොහේ ඕනෙ පුපක් . අපේ ගෙදර අය කියන විදිහට මලෙන් උපන් කුමාරයා මම . ගෙදර අය කිව්වට ඕක කියන්නෙ මගේ ආදරණීය සහෝදර රත්නය තමා ඉතිම් . මල සමයං බෝල සබන් . මම මන් ගැන විස්තර කියන අතරේ එක පාරට මගෙ පශ්චාත් භාගයට කරන්ට් එකක් වැදුන නිසා මන් ශනයෙන් අනිත් පැත්ත හැරිල බැලුවා...
මලෙන් උපන් කුමාරයගෙ අයියණ්ඩි !
"මොන වෙඩිමක්ද අයියා . ඉන්න දෙනෝකෝ පාඩුවේ . නිවාඩු කාලේ කියලා නිදහසේ ඉන්න හැදුවා මදැයි"
"ආ නිදහසේ පස්සෙ ගිහින් ඇවිත් . දැන් නැගිටලා ලෑස්ති වෙයන් මල ගෙදර යන්න"