මල ගෙදර වැඩත් අවසන් කරලා දවස් ඉක්මනට ගෙවීගෙන ගියා . ඉස්කෝලේ නිවාඩුවත් බලාගෙන ඉද්දි ගෙවීගෙන යනවා . අද නිවාඩුවෙ අන්තිම දවස . ඉතින් ආයෙත් හෙට ඉදන් බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් ඉස්කෝලේ බඩගානවා . ooops දැන් මන් උ/පෙ/ල ළමෙක් . උ/පෙ/ල ළමයගෙ ගැම්ම බහිනවා පඩිපෙල දිගේ බහිනෝ වගේ අයියා a/l ලිව්ව හැටි මතක් වෙලා .
A/l වලින් මන් තෝරගත්තෙ කලා . කොලා නෙවේ කලා . art art . ඕහ් යෑස් . ගෙදර කාගෙන්වත් ඕක කරන්නෙපා මේක කරපන් කියලා මට බලපෑමක් තිබ්බෙ නෑ . මම තෝරගත්තෙ Dramaයි , සිංහලයි , Geographyයි . O/L වලදි වගේම මගෙ අතිජාත කඩප්පුලි මිතුරො සෙට් එකත් මාත් එක්කම Art කරන නිසා තවාතල් . මගෙ අතිජාත මිතුරු සයාශයා මට Dancing වලට එන්න කියලා මැරෙන්න හැදුවට අන්තිමට මන් ඩ්රාමා තෝරගද්දි මගෙ නැට්ට වගේ ඌත් ඩ්රාමා තෝරගත්තා . ඌයි මායි යන දිල්ලියක යන්නෙ එකට , කරන හැම මගෝඩි ජිංගි බිරිස් වැඩ කරන්නෙත් එකට . ඉතින් මේකත් එකට . කවෘ කොච්චර කොහොම කිව්වත් අපේ සෙට් එකට වෙන් වෙලා ඉන්න බැරි නිසාම මෙදා පොටෙත් මුතු ඇමුනුවා වාගෙ මුතු පොටකට වගේ අපි සෙට් එකම එකට . අපිට උගන්නන ගුරුවරුන්ට ගුන.බුස තමා සුත්තාහ්.
ඒවා මේවා දාහක් දේවල් හිත හිත ඉන්දැද්දි මන් යුනිෆෝම් එකත් අයන් කරල පොත් බෑග් එකත් ලෑස්ති කරලා සපත්තු දෙකත් පොලිශ් කරලා ඉවර උනා . හවස කෑව නිසා කන්නත් කම්මැලි කමක් වගේ එකක් දැනුන නිසා ඇදට පැනලා බ්ලැන්කට එක ඔලුවෙ ඉදන් පාදාන්තය වෙනකන් පෙරෝගෙන නිදාගන්න හිතලා මන් ඇදට පැන්නා . ඉතින් හෙට ඉදන් අලුත් කඩ ඉමක් පටන් ගන්නයි තියෙන්නෙ . උදෙන්ම ඇහැරෙන්න හිතන් එලාම් එකත් තියලා මන් බ්ලැන්කට් එක අස්සට රිංගලා ඇස් පියාගත්තා .
.
.
.
.
උදෙන්ම මාව ගැස්සිලා ඇහැරුනේ එලාම් එකේ සද්දෙට . යෝහ් මේ මගුල පන්සලේ ගන්ටාරෙ වගේනෙ අප්පා . නිවාඩු කාලෙ පුකට එලිය වැටෙනකම් නිදාගෙන පුරුදු වෙලා දැන් උදෙන්ම ඇහැරෙනවා කියන්නෙ මරනවා වගේ . එක ඇහැක් ඇරගන්න ගිහාම අනිත් ඇහැ වැහැනෙවා . වැහිච්ච එක ඇරගද්දි ඇරිච්ච එක වැහෙනවා . මොන හත්තක්ද යකොව් මේ .කොහොම හරි ගේමක් ගහලා ඇස් දෙක ඇරගෙන ඇදේ ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි ඉදලා ඇගට ෆිට් වගේ දැනුනම නැගිටලා වොශ් රූම් ගියා . ඒ කරලා ලෑස්ති වෙලා බෑග් එකත් එල්ලගෙන සපත්තු දෙක අතේ අරන් සාලෙට යද්දි අම්මා බුදු සාදුට පහන තියන්න දේවල් ලෑස්ති කරලා තිබ්බා .