Chapter 24🌟

793 57 25
                                    

"අප්පච්චි , එයාට තව එක පාරක්වත් වදින්න බෑ!!!!"

කව්ද යකෝ අපේ පිනාට අප්පච්චි කිව්ව පරෙයියා මොකාද බලන්න මන් බෙල්ල අංශක කීයක්ද මන්ද එහා පැත්තට හරවද්දි කාමරංකා මල්ලෙ කෙලගෙන එනවා මන් ඉන්න දිහාවට . මට කියන්න එපා . මට කියන්න එපා

කාමරංකා මල්ලේ අපේ පිනාගෙ හැදිච්ච දරුවා කියලනම්!!!!

______________________________________________

"ආර්ය මන් තමුන්ට කියලා තියෙනවා ඉස්කෝලෙදි අප්පච්චි කියන්න එපා කියලා . තමුන්ට ආයෙ ආයෙ ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඕනෙද ආ"

ආ ආ ආ පිය පුතු ආරව්ලක් වගේ  .  අමො අමො හැදිච්ච පුතා නැහැදිච්ච වැඩක් කරා වගේ . මන් බලාගෙන පිනාගෙ කම්මුල් දෙක නලියනවා  . මෙහෙම ගිහින් මූව මෙතන පුපුරනවා ..

"ආර්හ් සොරි සොරි සමාවෙන්න සර්"

කාමරංකයා ඔලුවත් කස කස දිවත් හපාගෙන සොරි කියද්දි මන් බලාගෙන පිනා හිනාවක් ගිලගන්නවා  . පුතාට අප්පච්චි ආදරෙයි වගෙ ..

"තමුන්ට මොකක්ද මෙතන තියෙන රාජකාරිය"

පිනා සෑර් ආයේ අරූගෙන් අහද්දි පොරගෙ ඇස් එක එල්ලේ යා උනේ මගෙ දිහාවට . ඒ මොකත ඒ .

"අයියෝ සර් , මෙන්න මෙයාලව යවලා පොඩ්ඩක් එන්නකො බඩ්ඩක් කියන්න"

ආ ආ ආ යසෛ පිය පුතු කල්කිරියාවනම් . මේක කොහෙ කියලද දන්නෑ හිතන් ඉන්නෙ  . මෙච්චර වෙලා පුපුර පුපුර උන්න පිනා සෑර් අරූගෙ බඩ්ඩ අහන්න ඕනෙ නිසාම අපිට වේවැලෙන් පන්තියට යන්න කියද්දි හම්බුන පිනා චාන්ස් එකට පයින් නොගහ අපි හොර බලල්ලු ටික වගේ හිමීන් පන්ති පැත්තට ඇදෙන්න ගත්තා . අපි ටික දුරක් එද්දිම මට දගකාර කොලු කටහඩක් ඇහුනා . හැබැයි ඒ කිව්ව නමටනම් මට ආච්චි වැහුනා .

"ඒයි කොට මොඩල්"

පන්තියට යන ගමන් හිටපු මම ඒ සද්දෙ ආපු පැත්තට හැරෙද්දි කාමරංකයා ඉන්නවා කට කනේ හිනාවක් දාගෙන . කොට ,කව්ද දන්නෑ කොට . මන් ඌ කිව්ව එක මට නෙවෙයි වගේ ආයේ හැරිලා යන්න හදද්දිම ඌ ආයෙත් කතා කලේ .

"ඒ ඒ කොට මොඩල් ඔහොම ඉන්නවා"

ඇත්තමයි මට ආච්චිගෙත් ආච්චි වැහීගෙන ආවත් මන් ඉවසුවේ මූ නිසා අපිට බේරෙන්න චාන්ස් එකක් හම්බුන නිසා . ඒ විතරක් කට හෝදලම කිව්ව නමක අරුමෙ .

Everlasting   (Nonfiction Bl)   ,  {Slow Update}Where stories live. Discover now