02.

220 36 3
                                    

"හෑව් අ නයිස් ඩේ බියුටි… රූම් නම්බර් සික්ස් ඊස් වේටින් ෆෝ යූ. බයි බායී  "

ආයෙත් අමුතු හිනාවක් දාපු ඩෙරික් අමුතු තාලෙකට මින්ජිට අතත් වනාගෙන එතනින් යන්න ගියා .

" බියුටි කෙසේවෙතත් බීස්ට්ව නන් බලාගන්න තිබ්බා ජන්ග්කුකා මෙතනට ආවා නම්. හයිබ්‍රිඩ් ජීවියා!  "

ටේ එහෙම කියන ගමන් ලොකු හුස්මක් පහලට දාලා මින්ජිගේ අත අතඇරියා .

" හම්මෝහ් ටේ.. ඇත්තටම ඇයි ඒ මිනිහා ඇඟටම එන්නේ ආ ? "

මින්ජි පපුවට අතකුත් තියන් ඩෙරික් යන දිහා බලාගෙන හිටියා.

" ජන්ග්කුක් එක්ක තියෙන ඇරියස් ඔයාගෙන් කවර් කරගන්න එනවා. ගනන් ගන්න එපා. ඔස්ට්‍රේලියන් ක්‍රොකඩයිල්! මට ඕකාව පේන්න බෑ "

ටේ පැත්තක තිබ්බ දොරකට කකුලෙන් පාරක් ගැහුවම මින්ජි ටේ දිහා බැලුවා .

" එයා මහ අමුතු කැරැක්ට එකක් ටේ.. "

" උගේ හයිබ්‍රිඩ් ඩීඑන්ඒ වල අවුලක්. එච්චර හිතන්න එපා "

" අයියෝ ඔයාගේ ඔය හයිබ්‍රිඩ් කතාව.. ඕක තාම ඉවර නැද්ද "

" ඉතිං ඌ හයිබ්‍රිඩ් නේ . ඇයි නැද්ද? හයිබ්‍රිඩ් මීන්ස් මික්ස් ඕකේ. ඌ හාෆ් ඔස්ට්‍රේලියන්. සෝ ඒ බූරුවා හයිබ්‍රිඩ්. ඔකාගේ හයිබ්‍රිඩ් මූණ පොඩි වෙලා යන්න ශොට් එකක් දෙන්න චාන්ස් එකක් හම්බෙනවා නම් මට… "

ටේ එහෙම කිව්වාම මින්ජිට ඩෙරික් එක්ක තිබ්බ තරහත් අමතක වෙලා හයියෙන් හිනා ගියා.

" ගෝඩ් යූ ආ රියලි ක්‍රේසි ටේහියොන්! "

" ඔයත් හිනා වෙන්න. මොකක් හරි උනාම එනවකෝ මං ගාවට ඇම්නේ චේ… කියාගෙන "

"  ටේ ඔයා … ඔහ් අන්න  ! "

කතාව අතරමග නතර කරපු මින්ජි අතක් පුලුවන් තරම් උඩට උස්සලා කාටද අත වැනුවා. මින්ජිගේ සද්දෙට ටේත් ඒ පැත්ත බැලුවා. ඕ… පිරිමි ළමයෙක්!

මින්ජිගේ අත වැනිල්ලට ඒ පිරිමි ළමයාත් ලස්සන හිනාවක් එක්ක ආපිට මින්ජිට අත වැනුවා. පැහැපත් හමක් එක්ක තද දුඹුරු පාටට දිස්නේ දෙන කොණ්ඩයක් තිබ්බ ඒ පිරිමි ළමයාට තිබ්බේ වෙනස්ම කඩවසම් පෙනුමක්. ඒ වගේම එක කනකට විතරක් දාගෙන හිටිය රිදී පාට එල්ලෙන කරාඹුව අමුතු ආකර්ෂණීය පෙනුමක් ඒ පිරිමි ළමයාට ගෙනල්ලා දුන්නා.

Mess  |JJkWhere stories live. Discover now