" කුකී… කුකී…. "
හීනෙන් වගේ එක පාරටම ඇහුනු කටහඬක් නිසා තද නින්දක හිටපු ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුනා. තමන් ඉන්නේ කොහෙද කියලා හිතා ගන්න ජන්ග්කුක්ට අමාරු උන නිසා ජන්ග්කුක් ඇස් දෙක පියාගෙන වැනි වැනී එතනම වාඩි උනා. ඇත්තටම ජන්ග්කුක් හිටියේ සාලේ සෝෆා එක උඩ වැතිරිලා.
“ ආහ්… මින්ජියා! ”
වාඩි උන ජන්ග්කුක් එක පාරටම ඇස් දෙක අරින්න උත්සහ කලත් ඇස් දෙකට වැටුන දීප්ත්මත් එළිය ඒකට ජන්ග්කුක්ට බාදා කලා. එළිය නිසා ජන්ග්කුක්ගේ ඇස් දෙක දැවිල්ල ගන්නකොට ජන්ග්කුක් එයාගේ අතකින් ඇස් දෙක වහගත්තා.
" ආර්හ් ! … "
අන්තිමට ටික වෙලාවකින් අමාරුවෙන් ඇස් දෙක ඇරියත් ජන්ග්කුක් බලාපොරොත්තු උන කෙනා ජන්ග්කුක්ගේ ඉස්සර නැති උන එක ජන්කුක්ගෙ හිතට ලොකු කලකිරීමක් ගෙනාවා. කේන්තියෙන් ආයෙත් ඇස් දෙක පියා ගත්ත ජන්ග්කුක් සෝෆා එකේ වාඩි වෙලා එහෙම්ම ඔළුව පාත් කරගෙන අත් දෙක උඩින් ඔළුව තියා ගත්තා.
“ ජන්ග්කුක් සර්…”
ජන්ග්කුක්ගේ ඉස්සරහා හිටගෙන හිටපු ජීහා ජන්ග්කුක්ට තව ටිකක් ළං වුනා.
“ ම්…. ”
ජන්ග්කුක් උත්තර දුන්නේ ගොරෝසු කෙඳිරිල්ලකින්. ජන්ග්කුක් මේ වෙලාවේ ජීහා එක්ක කතා කරන්න කිසිම වුවමනාවක් තිබ්බේ නෑ.
“ මම සර්ට කීප සැරයක්ම කතා කලා. ”
මින්ජිගේ කටහඬ වෙනුවට ජන්ග්කුක්ට ඇහිලා තිබ්බේ ජීහාගේ කටහඬ. ජන්ග්කුක්ට එයා ගැනම ලොකු අනුකම්පාවක් ඇති උනා. ජන්ග්කුක්ට ඕනේ උනේ එයාගෙ මින්ජිව. නැතුව ජීහා නෙවෙයි. ඒත් මෙතන සිද්ධ වෙන්නේ ජන්ග්කුක්ට ඕනේ දේ නෙවෙයි.
“ හ්ම්.. ”
ජන්ග්කුක්ට මතක තිබ්බේ ජන්ග්කුක් මහ රෑ ක්ලබ් එකේ ඉඳලා ඇවිල්ලා සෝෆා එකට වැටුනා කියලා විතරයි. එහෙම්මම එතනම ජන්ග්කුක්ට නින්ද ගිහින්. කීයටද ආවේ කා එක්කද ආවේ අඩුම තරමේ කකුල් දෙකෙන්ද නැත්තම් හතරෙන්ද ඇවිදගෙන ආවේ කියලවත් ජන්ග්කුක්ට මතකයක් තිබ්බේ නෑ. අඩු වෙන මත් ගතියත් එක්ක ජන්ග්කුක්ට දැනුනේ ඔළුව පැලෙන්න තරම් වේදනාවක්.
YOU ARE READING
Mess |JJk
Fanfictionආදරේ කියන දේ මේ ලෝකේ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න හරි ලස්සන හේතු මවනවා. ඒ වගේම ඒ ආදරේම තවත් අයට ජීවිතේ නැත්තටම නැති වෙලා යන්නත් පාර හදනවා. ආදරේ එහෙමයි... එතකොට ලෝකෙටම ප්ලේබෝයි කෙනෙක් උන සෙල්ලක්කාර ජන්ග්කුක්ගේ වයිෆ්? මින්ජිටත් ආදරේ ජීවත් වෙන්න කියලා හේ...