" ඩොක්ටර් ! ඩොක්ටර් මගේ මින්ජිට කොහොමද ?! "
මින්ජි හිටපු තියටර් එකේ ඉඳලා එලියට ආව ඩොක්ටර්ගේ අත් දෙකෙන්ම අල්ලගත්ත ජන්ග්කුක් ඇහුවේ ගොඩක් කලබලෙන් .
" මුලින්ම රිලැක්ස් වෙයන්කෝ ජන්ග්කුකා ම්.. "
ජන්ග්කුක්ගේ පැත්තකින් හිටපු ටේ ජන්ග්කුක්ගේ පිටට තට්ටුවක් දාලා කිව්වා. ජන්ග්කුක් වගේම ටේ ජිමින් දෙන්නත් හිටියේ ගොඩක් කලබල වෙලා.
" අයිම් ඕකේ.. ඩොක්ටර් ප්ලීස්.. ප්ලීස් මට කියන්න කොහොමද එයාට ? .."
ජන්ග්කුක් පුලුවන් තරම් එයාගේ කලබලය පාලනය කර ගෙන ඩොක්ටර්ගෙන් ඇහුවා . ඒත් ජන්ග්කුක් හිටියේ සන්සුන් වෙන්න පුලුවන් මානසිකත්වෙක නෙවෙයි .
" ඔයාගේ වයිෆ්ට සිහිය ආවා මිස්ටර් ජන්ග්කුක් "
ඩොක්ටර් එහෙම කිව්වාම ජන්ග්කුක් වේගෙන් ඔළුව වැනුවේ මින්ජි ගැන තවත් විස්තර දැන ගන්න තිබ්බ හදිස්සිය නිසා.
" මේකයි මිස්ටර්... ඔයාට හොඳ ආරංචියක් තියෙනවා. ඒ වගේම නරක ආරංචියකුත් තියෙනවා."
ඩොක්ටර් එහෙම කිව්වාම ජන්ග්කුක්ගේ ඇස් දෙක ලොකු උනා.
" ඩොක්ටර් ? "
ටේ ජන්ග්කුක් දෙන්නා වගේම ඒ දෙන්නාගේ පිටිපස්සට වෙලා හිටපු ජිමිනුත් ඩොක්ටර්ගේ මූණ දිහා බැලුවේ බයෙන් .
" ගුඩ් නිව්ස් එක තමයි ඔයාගේ වයිෆ් හොඳින් ඉන්නවා. එයා දැන් අවධානම් මට්ටමෙන් අයින් වෙලා ඉන්නේ. එයාගේ ඔළුවේ තිබ්බ තුවාලෙන් බ්ලීඩ් වෙලා තිබ්බා. සෝ අපි එයාට ලේ දුන්නා. අනිත් එක අත. එයා වැටුන වෙලාවේ වැලමිට ගාව තදට වැදිලා තියෙනවා. එතනින් ටිකක් ඩැමේජ් වෙලා. ඒකටත් බැන්ඩේජ් එකක් දාන්න උනා. කොහොමහරි පේශන්ගේ තත්වේ දැන් නෝමල් "
ඩොක්ටර් එහෙම කිව්වම ජන්ග්කුක්ට තේරුනේ මින්ජිට කෙසේවෙතත් එයාගේ ඇඟටත් ලේ ඉනුවේ දැන් වගේ. එයාගෙ මින්ජිට ප්රශ්නයක් නෑ.. ජන්ග්කුක්ට ඕනේ උනේ එච්චරයි . තවත් මොනවාද …
එතකොට අර කලින් ජන්ග්කුක් චේන්ජින් රූම් එකේ……
හ්ම්… දැනට ඒක අමතක කරමු.
YOU ARE READING
Mess |JJk
Fanfictionආදරේ කියන දේ මේ ලෝකේ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න හරි ලස්සන හේතු මවනවා. ඒ වගේම ඒ ආදරේම තවත් අයට ජීවිතේ නැත්තටම නැති වෙලා යන්නත් පාර හදනවා. ආදරේ එහෙමයි... එතකොට ලෝකෙටම ප්ලේබෝයි කෙනෙක් උන සෙල්ලක්කාර ජන්ග්කුක්ගේ වයිෆ්? මින්ජිටත් ආදරේ ජීවත් වෙන්න කියලා හේ...