“ ඒ ජන්ග්කුකා! උඹ ආවා එහෙනම්!!”
ඉන්නේ කම්පැනි එකේ කියලත් අමතක කරපු ටේ ගිහින් ජන්ග්කුක්ගේ ඇඟට පැනලා ජන්ග්කුක්ව තද කරලා බදාගත්තා.
“ අහ්.. එහාට පලයන්කෝ. අන්තිමට උඹ එක්කත් මට අෆයා එකක් තියෙනවා කියලා තව මගුලක් වෙයි”
ජන්ග්කුක්ගේ ඇඟට ඇලිලා ඉන්න ටේව ටිකක් එහාට කරන ගමන් ජන්ග්කුක් ලාවට හිනා උනා.
“ උඹ ඉතිං කොහොමත් මගෙ හොර ලව් එකනේ… අන්තිමට උඹ එහෙනන් මං කිව්ව එක ඇහුවා නේද? අම්මෝ මාර සතුටුයි උඹව ආයේ මෙහෙම දැක්කම”
ටේ ජන්ග්කුක්ගේ අත් දෙකෙන්ම අල්ලගත්තම ජන්ග්කුක් අහිංසක විදිහට හිනා උනා .
“ ම්... මං උඹ කියපු දේවල් ගැන ගොඩක් කල්පනා කලා. පස්සෙ මටම හිතුනා හැමදේම ආයෙත් අලුතින් පටන් ගන්න ඕනේ කියලා. මෙහෙම හිටියා කියලා මටවත් මින්ජිටවත් වෙන හොඳක් නෑනේ”
“ ඒකනේ බං. ඔන්න ඔහොමනේ ඉන්න ඕනේ… බලපන්කෝ ජිමිනා උඹව දැක්කම සප්‍රයිස් වෙයි”
“ ම්…”
ජන්ග්කුක් වැඩිය මොකුත් නොකියම සාක්කුවකට අතක් දාගත්තා. ජන්ග්කුක්ගේ හිත නන් කිව්වෙ ජිමින් සප්‍රයිස් වෙන එක කෙසේවෙතත් ජන්ග්කුක්ව දැක්කම අතේ තියෙන එකකින්ම ජන්ග්කුක්ට දීලා අරියි කියලා .
“ ගෝඩ් මිස්ටර් ජන්ග්කුක්!”
කැමරා එකත් එල්ලගෙන ජන්ග්කුක් ගාවට දුවගෙන ආව ටෝනි ඇස් දෙක ලොකු කරගෙන ජන්ග්කුක් දිහා බැලුවා .
“ හායි ටෝනි…”
“ එතකොට ඔයා අයින් වෙලා කියලා ගියපු රියුමස් බොරු…”
“ එහෙම ඒවත් උනාද? මං දන්නෙත් නෑ”
ජන්ග්කුක් ටෝනි එක්ක හිනා උනාම ටේ ජන්ග්කුක්ගේ කර වටේට එයාගෙ අතක් යැව්වා.
“ ඒවා දැන් වැඩක් නෑ. මං කිව්වනේ ටෝනි. මං අපේ ජන්ග්කුක්ව ආපහු Geon J එකට ගේනවා කියලා. දැක්කනේ මේ කිම් ටේහියොන්ගේ වැඩ ම්…”
ටේ එයාගෙ කොලර් එක ඉස්සුවම ටෝනි ටේට හිනා වෙලා ආයෙත් ජන්ග්කුක් දිහා බැලුවා .
YOU ARE READING
Mess |JJk
Fanfictionආදරේ කියන දේ මේ ලෝකේ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න හරි ලස්සන හේතු මවනවා. ඒ වගේම ඒ ආදරේම තවත් අයට ජීවිතේ නැත්තටම නැති වෙලා යන්නත් පාර හදනවා. ආදරේ එහෙමයි... එතකොට ලෝකෙටම ප්ලේබෝයි කෙනෙක් උන සෙල්ලක්කාර ජන්ග්කුක්ගේ වයිෆ්? මින්ජිටත් ආදරේ ජීවත් වෙන්න කියලා හේ...