“ නෝ නෝ! ජස්ට් වන් සෙකන්ඩ් මින්ජී. මං මේ ඔතනට එන ගමන්. ආහ්.. වෙයිට්. මට ඔයාව පේනවා!”
ජිමින් කනේ තිබ්බ ෆෝන් එක අතට අරගෙන සාක්කුවකට ඔබාගෙන හිනාවෙනගමන් ඉක්මනට රෙස්ටුරන්ට් එකේ ඇතුලට ඇවිදගෙන ගියා. ජිමින් එයාගෙ පැත්තට එනවා දැකපු මින්ජි ඉක්මනට එයා වාඩි වෙලා හිටපු ටේබල් එක ගාවින් නැගිටලා ජිමින් එක්ක හිනා උනා.
“ මයි ගෝඩ් මින්ජීයා….”
ජිමින් පැනපු ගමන් මින්ජිව හරිම හයියෙන් එයාගෙ පපුවට තුරුල් කර ගත්තම මින්ජි ලාවට හිනා වෙලා ජිමින්ගේ පිටට තට්ටුවක් දැම්මා. ජිමින්ගේ හග් එක ගැන මින්ජි ලොකුවට හිතන්න ගියෙ නෑ. මොකද ජිමින් කියන්නේ මින්ජිගේ හොඳම යාලුවා…
“ ජිමින්…”
“ කොච්චර කාලෙකින්ද මං ආයෙත් මෙහෙම ඔයාව දකින්නේ ආහ්? අයි රියලි මිස් යූ සෝ මච්… යූ නෝ අද මට මාරම හැපී.”
ජිමින් මින්ජිගෙන් ඈත් වෙලා මින්ජිගේ අත් දෙකෙන් අල්ලගත්තාම මින්ජි හිනාවක් එක්ක ඔලුව වැනුවා. ජිමින්ගේ මූණේ හිනාව උතුරනවා. ඒ ඇස් සතුටටම දිලිසෙනවා.
“ සෝ මිස්ටර් පාක් ජිමින්… නැවත එකතු වීමේ සතුට සෙලිබ්‍රේට් කරන්න අද ලන්ච් එක ඔයාගේ ගානේ. බට් ඕඩර් කරන්නේ මම. ඕකේ?”
මින්ජි කිව්වම ජිමින් හයියෙන් හිනා වෙලා මින්ජිට එයාගෙ පුටුව පෙන්නුවාම මින්ජි අමුතු පෝස් එකකින් ඇවිල්ලා පුටුවෙන් වාඩි උනා. හරියට ප්‍රින්සස් කෙනෙක් වගේ. ඒක දැකලා ජිමින්ට ආයෙමත් සැරයක් හිනා ගියා.
“ ඔෆ් කෝස් මයි මෑම්. සෝ වට් ඩු යු වෝන්ට් ෆො ලන්ච් ම්?…”
“ නතින්ග් මච්. ඈස් යෝ විෂ්. මිස්ට…”
“ ආහ්… ඩ්‍රාමා ක්වීන්. ඉනෆ්. ඔයා නන් හරියන්නෙ අර පිස්සු කිම් ටේහියොන්ටම තමයි”
ජිමින් හිනා වෙලා මින්ජි ඉස්සරහ තිබ්බ පුටුව ඇදගෙන වාඩි වෙලා ටේබල් එක උඩ තිබ්බ මෙනූ එක අතට ගත්තාම මින්ජි ඒක ආපහු ඇදලා එයාගෙ අතට අරගත්තා. ජිමින් ඇස් දෙක ලොකු කරලා මින්ජි දිහා බැලුවා.
YOU ARE READING
Mess |JJk
Fanfictionආදරේ කියන දේ මේ ලෝකේ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න හරි ලස්සන හේතු මවනවා. ඒ වගේම ඒ ආදරේම තවත් අයට ජීවිතේ නැත්තටම නැති වෙලා යන්නත් පාර හදනවා. ආදරේ එහෙමයි... එතකොට ලෝකෙටම ප්ලේබෝයි කෙනෙක් උන සෙල්ලක්කාර ජන්ග්කුක්ගේ වයිෆ්? මින්ජිටත් ආදරේ ජීවත් වෙන්න කියලා හේ...