" උහ් මින්ජි ! "
මින්ජිගේ පිටිපස්සෙන් චේන්ජින් රූම් එක ඇතුලට ආව ජිමින් මින්ජිගේ ඇඟේ හැප්පුනා. මින්ජිගේ ඇඟේ මූණ වැදුන පාරට රතු වෙලා ගිය නහය අතකින් අතගාන ගමන් ජිමින් ඉස්සර බැලුවා .
ජිමින්ගේ පස්සෙන් ආව ටේත් ජිමින් මින්ජිගේ ඇඟේ හැප්පුන හැටි දැකලා එතනම නතර උනා.
ඉවසගන්න බැරි තරම් හදිස්සියකින් ජන්ග්කුක්ගේ මූණ බලන්න හිටපු මින්ජි ජන්ග්කුක්ගේ ළඟටම ඇවිල්ලා නතර උනේ ඇයි !?
ටේ ජිමින් දෙන්නාගෙම හිත් වලට එක පාරටම ඒ ප්‍රශ්නෙ ආවා උනත් ඒ ප්‍රශ්නෙට ඕනේ කරන උත්තරේ ඇස් ඉස්සරහම තියෙනවා කියලා දකින්න ඒ දෙන්නාට ලොකු වෙලාවක් ගියේ නෑ…
ඔව්. මින්ජිගේ එකම ආදරේ.. මින්ජිගේ මුලු ලෝකෙම , මින්ජිගේ හැමදේම උන එයාගෙ හස්බන්ඩ් ජන්ග්කුක් එතන හිටියා. ජියොන් ජන්ග්කුක් …
ඒත් ජන්ග්කුක් චේන්ජින් රූම් එක ඇතුලේ හිටියේ තනියම නන් නෙවෙයි. ජන්ග්කුක්ට අමතරව තවත් කෙනෙක් ඒක ඇතුලේ හිටියා. ඒ මින්ජි විතරක් නෙවෙයි අඩුම තරමින් ටේ ජිමින් දෙන්නවත් හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු කෙනෙක්.
වෙන කවුරුත් නෙවෙයි. ජන්ග්කුක් එක්ක චේන්ජින් රූම් එක ඇතුලේ හිටියේ තවත් ගෑනු ළමයෙක්! මින්ජිගේම වයසේ විතර උන ගෑනු ළමයෙක් !!
අනිත් එක…
ඒකත් නිකම්ම නෙවෙයි….
සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මින්ජිට එක පාරටම තේරුන් ගන්න පුලුවන් උනේ නෑ . වෙන දේ හිතා ගන්න බැරුව මින්ජි ගල් වෙලා වගේ බලාගෙන හිටියා.
ජන්ග්කුක් හිටියේ චේන්ජින් රූම් එකේ බිම වැතිරිලා . ජන්ග්කුක්ගේ උඩු කය කිසිම ඇඳුමකින් ආවරණය වෙලා තිබ්බේ නෑ.
එතකොට අර ගෑනු ළමයා ?
එයා හිටියේ වැතිරිලා ඉන්න ජන්ග්කුක්ගේ ඇඟ උඩට වෙලා. ඒ ගෑනු ළමයා ජන්ග්කුක්ගේ මූණට එබිලා ජන්ග්කුක්ගේ තොල් සිප ගන්නවා කියලා මින්ජිට පැහැදිලවම පෙනුනා. එතනම ටිකක් එහායින් බිම වැටිලා තියෙන ෂර්ට් එක ජන්ග්කුක්ගේ ගිය අවුරුද්දේ උපන්දිනේ දවසේ මින්ජිම ජන්ග්කුක්ට තෑගි දුන්න ෂර්ට් එක කියලා අඳුර ගන්න මින්ජිට එක බැල්මක් විතරක් ඇති උනා!!!
YOU ARE READING
Mess |JJk
Fanfictionආදරේ කියන දේ මේ ලෝකේ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න හරි ලස්සන හේතු මවනවා. ඒ වගේම ඒ ආදරේම තවත් අයට ජීවිතේ නැත්තටම නැති වෙලා යන්නත් පාර හදනවා. ආදරේ එහෙමයි... එතකොට ලෝකෙටම ප්ලේබෝයි කෙනෙක් උන සෙල්ලක්කාර ජන්ග්කුක්ගේ වයිෆ්? මින්ජිටත් ආදරේ ජීවත් වෙන්න කියලා හේ...