12.

179 35 14
                                    


“ ආව්! ආව්!! ආව්!!! … මෙන්න මාව මරන්න හදනවෝ! ආආහ්හ් ජානා! සේව් මී!! ”

ටේහියොන් කෑගැහුවෙ කොහෙන්ද හොයා ගත්ත දිග ලී පතුරකුත් අරගෙන එයාගෙ පස්සෙන් පන්නන ජීහාගෙන් බේරෙන්න ගේ පුරාම දුවන ගමන්. ටේගේ අඳෝනාව කනකට ගන්නේ නැතුව ජීහා දිගටම ටේගෙ පස්සට ලී පතුරෙන් ගගහා පස්සෙන් පන්නනවා. ඒ අස්සේ ජානාත් මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඒ දෙන්නාගේ පස්සෙන් දුවනවා.

“ ඉඩියට්! ෆකින් ඉඩියට්!! මං තමුන්ට කලින්ම කිව්වා මේ විකාර නිසා මගේ ජොබ් එක නැති වෙයි කියලා”

“ ඔයාට සම්පූර්ණයෙන්ම ජොබ් එක නැතිඋනේ නෑන්ආ ආ ආඅහ්හ් ජීහා මගේ කන!!”

අතේ තිබ්බ ලී පතුර පැත්තකට විසි කරපු ජීහා ටේගේ ඇඟට පැනලා ටේවත් පෙරලගෙන බිමට වැටිලා එයාගෙ අතට අහුවුන ටේගේ කන හයියෙන් මිරිකලා අතෑරියා.

“ ජස්ට් ෂටප් ටේහියොන්! තමුන්ගෙ කන ගලවලා දෙනවා මට පුලුවන් උනා නන්. ජන්ග්කුක් මං ගැන අපේ කවුන්සිල් එකට කම්ප්ලේන් කලොත් මං මොකක්ද කරන්නේ කියනවා! ‍එහෙම උනොත් මට ආයෙත් කවදාවත් ජොබ් එක කරන්න බැරි වෙනවා!!”

ටේ බොහොම අමාරුවෙන් එයාගෙ ඇඟ උඩ නැගගෙන විලාප දෙන ජීහාව පැත්තකට තල්ලු කලා. ජානා අතකින් කටත් වහගෙන ටිකක් ඈතට වෙලා මේ දෙන්නගේ විකාරේ දිහා බලාගෙන හිටියේ ළඟට ගියොත් නන් ෂුවර් එකටම ජීහාගෙන් එයාත් ගුටි කනවා කියලා තේරුන හින්දා.

“ ආපෝ.. ඔහොම අඬන්න එපා. ඉව්ච් යූ ලුක් සෝ අග්ලි ඩාලින්…”

එත් එක්කම ජීහා දාගෙන හිටපු සුදු පාට ෂූස් දෙකෙන් එකක් පියාඹලා ටේගේ මූණ ගාවට ආවත් ටේ සාර්ථක විදිහට උඩින් ආව සපත්තුව අත් දෙකෙන්ම බදලා අල්ලගත්තා.

“ ආ යූ කිඩින් මී ටේහියොන්! මගෙ නර්සින් ලයිසන් කැන්සල් කලොත් තමුන්ද ඒක ආයේ අරගෙන දෙන්නේ! ආහ්… ඔයා.. ඔයා දන්නේ නෑ මං නර්ස් කෙනෙක් වෙන්න උන මහන්සිය…”

මුල් ටිකේ කේන්තියෙන් ටේට කෑගහගෙන ගියත් අන්තිමට නන් ජීහාට ඇඬුනා. තාමත් ජන්ග්කුක්ගේ ගෙදරින් ආව විදිහටම නර්ස් යුන්ෆෝම් එකෙන් හිටපු ජීහා එහෙම්ම කකුල් දෙක එකට ළංකරගෙන ඒ අස්සේ ඔළුව ගහහෙම බිම ඉඳගෙනම අඬන්න ගත්තම නන් ටේ ඇත්තටම බය උනා.

Mess  |JJkWhere stories live. Discover now