14.

225 34 25
                                    


ජන්ග්කුක් හිටියේ බාර් එකක් ඇතුලේ. හැමදාම බොන නෝමල් වයින් එක වෙනුවට හොඳ සැර දෙයක් බොන්න කීප සැරයක්ම හිතුනත් ජන්ග්කුක් ලොකු උත්සහයක් අරගෙන එයාව පාලනය කර ගත්තා.

" හේයි … "

ජන්ග්කුක් ඒ පැත්තට හැරුනා. වෙනදට මොකක් හරි කැත නමක් කියාගෙන ඇඟට පනින ජිමින් අද ජන්ග්කුක් ගාවට ඇවිල්ලා නිකම්ම හේයි කියලා කිව්වාම ජන්ග්කුක්ට හරි නුහුරු ගතියක් දැනුනා. ජන්ග්කුක්ට ජිමින්ට කියන්න ඕනේ මොනවාද කියලා තේරුනේ නෑ.

" අහ් ම්.. හ් හේයි. ජිමින්..  "

“ ලෙට්ස් සිට්”

ජිමින් ලාවට වගේ හිනා වෙලා බාර් එක ඇතුලේ තිබ්බ ටේබල් එකකින් වාඩි වෙලා ජන්ග්කුක්ට පුටුවක් පෙන්නුවා.

“ තැන්ක් යූ..”

" ම්.. මට චුට්ටක් කතා කරන්න ඕනේ කියලා හිතුනා. සෝ… යූ බිසී රයිට් නව්?  "

ජිමින් ජන්ග්කුක්ගේ ඉදිමිලා තියෙන ඇස්  දිහා බලලා ආයෙත් අහක බලාගත්තා. ජන්ග්කුක් එක්කෝ අයෙත් අඬලා නැත්තම් හරියට නිදාගෙන නෑ. එක්කෝ ඒ දෙකම වෙන්නත් පුලුවන්. ජන්ග්කුක් ජිමින් දිහා බලාගෙන දෙපැත්තට ඔලුව වැනුවා .

" නෝ අම් ෆ්‍රී. ලෙට්ස් ටෝක් "

ජිමින් කතා කරපු විදිහටම ජන්ග්කුක් උත්තර දෙන ගමන් අතක් දික් කරලා බාර්ටෙන්ඩර් කෙනෙක්ට එතනට කතා කලා. ජිමින්ගේ ඇස් වලින් ජන්ග්කුක්ට පෙනුනේ ලොකු නොසන්සුන් ගතියක්. බාර්ටෙන්ඩර් ටේබල් එක උඩින් ෂැම්පේන් ග්ලාස් දෙකක් තියලා ගියත් ජිමින් ඒක දැක්ක බවක් නන් ජන්ග්කුක්ට පෙනුනේ නෑ. ජිමින් මොකුත් කියන්නේ නැති නිසා අන්තිමට ජන්ග්කුක් එයාගේ කටහඬ අවදි කලා.

" සෝ  ?  "

" අහ්? "

ජිමින් ලොකු කල්පනාවක ගිලිලා හිටපු කෙනෙක් වගේ ලාවට ගැස්සිලා ජන්ග්කුක් දිහා බැලුවා. ජන්ග්කුක් ජිමින් දිහා බලාගෙන ඇහිබැමක් ඉස්සුවා.

" ජිමින්  ? "

" සොරි  "

ජිමින් එක පාරටම ජන්ග්කුක්ට සොරි කියලා කිව්වම ජන්ග්කුක් දෙපැත්තට ඔලුව වැනුවා. ජිමින් කියන එකක් ජන්ග්කුක්ට තේරෙන්නේ නෑ. ජන්ග්කුක් ජිමින්ගේ අතට ෂැම්පේන් ග්ලාස් එකක් දුන්නා.

Mess  |JJkWhere stories live. Discover now