09 කොටස

727 73 13
                                    

"එක හීන රෑක දෑත දෑත යාවෙලා..
හිමරේණු නෑවි නෑවි තුරුලු වෙලා...
ඔබ නේද ඈත ඈත  ඈත පාවෙලා..
හිත ආයෙ ආයෙ ආයෙ නොයන කෙනා..
ඔය ඇස් කතා කරනවා....
මගෙ දිහා බල බලා..
හිරිමල් හිතේ නැවතිලා..
ඉන්නටම දිවිතුරා...
හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුමදෝ ආදරේ"

ඇඳ ළඟ බිම වාඩි වෙලා ගිටාර් එකෙන් තාල මවනගමන් කිව්ව සිංදුව ටික්ටොක් එකට අප්ලෝඩ් කරනකොට පාන්දර දෙකට විතර ඇති.. හෝරා ගෙවෙනකල්ම රුරී එක්ක හිටිය හෝරාවන් ගැන මතක් කරල කරල මට හුඟක් වෙලාවක් යනකල් නින්ද ගියේ නැහැ.. මට එක එක වෙන් කරන්න බැරි ගොඩක් දේවල් හිතුණ.. රුරී කිව්ව විදිහට එයාගේ තෝරගැනීම පිරිමියෙක් නම් මම මං ආදරේ කරන කෙනාට මගෙ හිතේ තියෙන ආදරය කිව්වොත් ඒකෙන් එයා ආදරය කරන කෙනාව එයාට ලැබෙන්නෙ කොහොමද කියන එක ලොකු අවුලක් මට.. එක්කො මේ මෙයා කියන කොල්ලා මට ආදරය කරනවා ඇති..මොකාද අප්පේ ඒ පවුකාරයා..

මගේම ටික්ටොක් වෝල් එකේ උඩට පහළට ගියේ මෙච්චර කාලයක් මම දැම්ම වීඩියෝස් ටික යන්තන් බලන ගමන්..මේක මම පටන් ගත්තෙත් කොවිඩ් කාලේ කම්මැළිකමට... මමයි අසිරුයි දෙන්නම මේ සිමෙන්ති බිත්ති අස්සෙ හිරවෙලා එපාවෙන් එපාම වෙලා හිටියේ..ඒ කාලේ තමයි අපි අපේ වාහන පදින්නත් හුරු වුණේ..ඒකට අමතරව අසිරුයි මායි ඉන්ටනෙට් එකෙන් බලාගෙන ගිටාර් එක හොඳටම පුරුදු වුණා..පස්සෙ අපි දෙන්නම නිකමට ටික්ටොක් එකවුන්ට්ස් දෙකක් හදලා ඒකට පොඩි පොඩි සිංදු කෑලි කියලා දැම්මා.. අවුරුදු හතරක් වගේ නිසාම දැනට මට මිලියන පහක් වගේ ලයික්ස් තියෙනවා.අසිරුට මිලියන අටකට හරියන්න ලයික්ස් තියෙනවා... අපි වෙන භාශාවල සිංදුත් දානවනේ.ලංකාවේ අය විතරක් නෙවෙයි එතකොට ඉන්නේ..

මමයි අසිරුයි දෙන්නම හවුලේ යූටියුබ් චැනල් එකකුත් පාවිච්චි කරනවා.ඒකට අපි දෙන්නම එච්චර ආස නෑ..ඒත් අපි කියන ඒවා හුඟක් ශෙයා වෙනවා.. මුලදි මම මූණ දැම්මෙ නැති වුණාට අපිට එක දවසක් ලංකාවේ ගිටාරිස්ට් කෙනෙක් එක්ක ලයිව් එකකට එන්න වුණා ඒකෙන් පස්සේ මූණත් එක්කම විඩියෝස් දැම්මා..දෙයක් කරනකොට කරදර කුණු කතත් අහගන්න වෙනවනේ..මුලින්ම ආව කුණු කතාව අපි ගිටාර් එක අරන් රඟපානවා විතරයි මෙයාල නෙවෙයි මේව ප්ලේ කරන්නේ සිංදු කියන්නෙ කියන එක.. එහෙම එහෙම අපි පොඩි වයසේ කපල් එකක් කියලා, තව අපි ලිවින් ටුගෙද කියලා වගේ ගොඩක් ඒව අපි ට කිව්වා..ඒවත් අර ලයිව් එකේදි විසඳුනා.. ඒකෙන් පස්සේ කට්ටිය කටපුප වහන් හිටිය.. මම අහන්නේ ආස නැත්තන් අහක බලන් හිටපන්කො ගොන් කමට එක එක ඒවා කියල චොර වෙන්නෙ නැතුව.. ඒවා කිව්වයි කියල වැඩක් නෑ.. මම නම් වැරැද්දක් කිව්වොත් හදාගන්නවා ඇරෙන්න ඔහොම කොහෙවත් නැති ඒව තබේට මායිම් කරන්නෙ නෑ... 

පිහාටුවක්... | GL STORY | COMPLETEWhere stories live. Discover now