72 කොටස

544 42 12
                                    

"මම යන්නම් ඔයා නිදාගන්න"

"ම්ම්..."

එලාම් එකට රුරී නැගිටලා මට නිදාගන්න කියලා ඇඳෙන් බැස්සේ ඊයේ මහ රෑ කොට්ට මෙට්ට උස්සන් අපෙ කාමරේට ආව දඩු දිග රුවීටයි මටයි එයාගේ සීට් එකත් පොරවලා..මම ඇඳේ මැදට ඇවිත් අනිත් එලාම් ටික ඕෆ් කරලා ආයෙම හාන්සි වුනා.ඒත් නිදාගන්න හම්බුනේ නෑ පිජාමා එකේ කමිසේ අස්සෙන් අතක් ඇවිල්ලා බොන්න බැරි වෙච්ච තරහටද කොහෙදෝ රුවී මගෙ කුක්කුවක් මිරිකුවා.

"ඇයි ඔයා ඈ... නිදාගන්න තව වෙලාව තියෙනවා ඔයාට ඇහැරෙන්න"

"ම්හ්ක්..."

"මෙච්චර උදේ නැගිටලා මොනා කරන්නද.. අත ගන්න කොහෙද ඔය මිරිකන්නේ"

"අම්මිට විතරද පුලුවන්"

"ඔව් ඇයි.. නිදාගන්න නැත්තන් ක්ලාස් එකේ නිදි කිරන්න වෙයි"

"නැහ්...බබා...ෆෝන් එක "

"ඇයි "

"ඇයි අහන්නෙ ඉතින් ..දේකො"

මම කොට්ටෙ අස්සෙන් ෆෝන් එක අරන් රුවීට දුන්නම එයා පිජාමා එකෙන් අත අරන් මට හේත්තු වෙලා වයිෆයි ඔන් කරා..එයා ඊයෙ රෑ නිදාගන්න කලිනුත් ෆෝන් එකේ හිටියා මට මොකුත් කියන්නත් බෑ ඉතින් ඒ වයසට මාත් ඔහොමයි නේ..අනික රුවීට අවුරුදු දහ අටක් වෙලත් එයාටම කියලා ෆෝන් එකක් නෑ..එයාමයි ඕනේ නෑ කිව්වෙ එයා ඕක තිබ්බ්බොත් කාලේ කකා ඔහේ ඉදීවි කියලා.. සාමාන්‍ය පෙළට A8 ඉතිහාසෙට B එකක් අරගෙන එයා මැත්ස් කරන්න තෝරගත්තේ එයාගෙම උවමනාවට .රුවී අපි දෙන්නටම වඩා ගොඩාක් දක්ශයි. එයා දැනටමත් ලංකාවේ ඉන්න ලාබාල චිත්‍ර ශිල්පිනියක් වෙලා ඉන්නේ..ඒ මගේ වත් රුරීගෙ වත් ඇඳුරුම්කමක් නිසා නෙවෙයි එයාගේ දක්ශතාවලින්මයි එයා ඒ තැන හදාගත්තේ.. එයා එයාගේ හැකියාවෙන් සල්ලිත් හොයන්න පටන් ගෙන ඉන්නේ...

"බබා......"

"ම්ම් ??"

"ඔයයි අම්මියි සෙට් වුනේ මේ වයසෙන් නේද"

"ම්ම් .."

"අනේ කට ඇරලා කියන්නකො"

"ඔයා ඔය කතාව කී වතාවක් අහලා තියෙනවද දැනට"

"අනන්ත වතාවක් අහලා තියෙනවා..ඒත් ඔයාලා දෙන්නම මුල්ම කිස් එක ගැන කියලා නෑ නේ.. ඒක මේ කාලෙමද දුන්නේ"

පිහාටුවක්... | GL STORY | COMPLETEWhere stories live. Discover now