පිහාටු වදනක්

471 38 28
                                    


හෙල්ලෝ...🫶

මේ කොටස පසු වදනක් විදිහට මම ලියන්නේ "පිහාටුවක්" මුළු කතාවම සම්පූර්ණ වෙලා මාසයක් ගිහින්.. මුලින්ම කතාව කම්ප්ලීට් වුනාම කියෙව්ව සහ කියවන අයටත් මම ගොඩක් ස්තූතියි කියන්න ඕනෙ මොකද මට ඒ හැමෝම මතක නෑ ඉතින් පෞද්ගලිකව ස්තූතියි කියල කියන්න.. 

මම මෙහෙම පසුවදනක් ලියන්න ලොකුම හේතුව වුනේ මේ කතාව ඇතුලේ ඔයාලා මගෙන් වැඩිපුරම අහපු ප්‍රශ්න දෙකට උත්තර දෙන්න ..(මට කෙනෙක් ඒක අහනකොට හිකිහිකි ගාලා හිනත් යනවා අප්පාආආආ)


01. මේක ඇත්ත කතාවක්ද....

නෑ...!!!  මට ඔප්පු කරන්න නම් තේරෙන්නෙ නෑ ඒත් කතාව මුලුමනින්ම මගේ නිර්මාණයක්. ඒ වුනාට මේකේ මම විස්තර කරන සමහර ස්ථාන ඇත්ත ඒවා සහ ඉස්කෝලේ කාලේ මම ඉස්කෝල ළමයෙක් විදිහට ගත්ත මගේ අත්දැකීම් එක්ක කතාව ගොඩනැගුවා ( මම නැටුම් වත් සංගීතය වත් කරේ නෑ හැබැයි) 

ඔයාලට 'ඇයි මේක ඇත්ත කතාවක්ද කියලා අහන්නෙ' කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන් නම් ; එහෙම හිතුනා කියන නිදහස් කාරණාව නැතුව , මට ඔයාලට හරි උත්තරයක් දෙන්න පුලුවන් වේවි කියලා මම හිතනවා...

සමහරවිට සාමාන්‍ය ජීවිතයේ සිද්දි එක්ක අමුණලා නිසා ඔයාලට ඇත්ත කතාවක්දෝ කියලා හිතෙනව ඇති..

02. මේක මගේ ලයිෆ් ස්ටෝරි එකද....

විනාඩියක් ඉන්න මම හිනාවෙලා එන්නම්... 

නෑ...!!  මේ මගේ ජීවිත කතාව නෙවෙයි..නිකන් හරි ලෙතුවි යි රුරී තියලා මගෙන් කෙනෙක් ඇහුවොත් මම කවුරු වගේද කියලා -- දෙයියනේ මම මම වගේ ..ඒ කතාවේ ඉන්නෙ මම මවපු චරිත දෙකක්...!!! මට ආයෙ කියන්න තේරෙන්නෙ නෑ අනේ ඇත්තටම ..මේක මගෙ කතාව වත් ඇත්ත කතාවක් වත් නෙවෙයි කියල විතරක් මට කියන්න පුලුවන්..🥹🫶

සත්‍ය වශයෙන්ම සත්‍ය වශයෙන්ම....... ලජබටක ( lgbtq ) උපකාරකයෙක්/ ගරු කරන්නෙත් විදිහට නම් දරාපු මා එම සංගමේ සාමාජිකාවකු නොවන බවත් කාරුණිකව පවසා සිටිමි..ඒ වගේම බොහෝ දුරට මේ මම ලිව්ව ප්‍රථම අවසාන GL කතාවත් විය හැකිය..

ඒ වගේම මම සමහර ප්ලැට්ෆෝම් වල විශේෂයෙන්ම ටික්ටොක් වල 'පිහාටුවක් " කතාවට හදපු වීඩියෝස් කිහිපයක් දැක්කා..ඒව ගෙ අයිතිකාරයෝ මෙතන ඉන්නවානම් හුඟාක් ස්තූතියි ඒවටත් ( ෆ්‍රී ප්‍රමෝට් කරාට🌚 ).. 🩷🫂

කෝමහරි පොඩි ඉල්ලීමක් වගේ එකක් කරන්න හිතුනා මේ වෙලාවෙම...මේක ඇවිල්ල දුක් ගැනවිල්ලක්... මෙන්න මෙහෙම කතා වස්තු ලියන එක ලේසි වැඩක් නෙවෙයි හරිද..දන්නෙ නැති ඒවත් හොයන්න ඕනෙ නේ..ඉතින් මටත් මගේ ජීවිතේට කොහෙත්ම වැඩක් නැති දේවල් ගැන පවා සෑහෙන්න විස්තර හොයන්න වුනා..හැබැයි ඉතින් එක එක ටොපික්ස් ගැන මට තියෙන සාමාන්‍ය දැනීම වර්ධනය වුනා..කොටින්ම නුවර එළිය ගැන පවා... මම කියන්න යන්නේ , කොපි කරන්න එපා කියලා. මම  GL කියන ස්‍ටෝරි කලෙක්ශන්ස් වලට යැවෙනවා හුඟාක් අඩුයි,  ඔය ගොල්ලොන්ට ' මේකත් පිහාටුවක් කතාව වගේ නේ' කියලා හිතුන කතාවක් අහුවුනොත් හැරෙන තැපෑලෙන් මට දැනුන් දෙන්න හරිද... හේතුව - මගේ කොපි කිරීම් සම්බන්ධ අත්දැකීම් වලට අනුව අවසානේදී මම කොපි කරපු කෙනා වෙලා අකුලන් යන්න වුනා..බැනුමුත් අහගෙන ඒ මදිවට...ඉතින් ඒක හින්දා මට කියන්න කියලා කියන්නේ...මම බනින්නෙ නෑ මගෙ හිත හොඳයි.. හොඳ හිතට වේදනා දෙන්න එපා අනේ.....

අනික ඉතින් ඔයාලා කියන විදිහට මේක මගෙ ලයිෆ් ස්ටෝරි එක නම් එක වගේ දෙකක් තියෙන බෑ නේ 🧟‍♀️💆‍♀️

ඉතින් අවසානෙට කියන්න තියෙන්නෙ මම කතාවට මට පුලුවන් මට්ටමෙන් සාධාරණයක් කරා කියලා මම හිතනවා, අඩුපාඩු වලටත් සමාවෙන්න ඉතින් උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු නේ🫂🤌



ප.ලි 01 - මං අහගෙන තව ටික දවසකින් මැසේජ් කරන්න තියෙන ඔප්ශන් එක වට්පෑඩ් වලින් අයින් වෙනවලු. ඉතින් අර කමියුනිකේශන් බෝඩ් එකට මොකක් හරි තියෙනවනම් දාන්න..මං ඔයාලව කන්නෑ...

ප.ලි 02 - කියවන් ආව කතා වස්තුව ගැන මනාපකම් අමනාපකම් හෑල්ලකින් හෝ වචනයකින් දැම්මයි කියලත් මම කන්නෙ නෑ..මම හෙන ආසයි එව්ව කියවන්න.. ඔයාලට හිතුන දේ මොකද්ද අන්න ඒක මේකට කලින් කොටසට (73 අවසාන කොටස කියන එකට) අමුණන්න..

පස්න තියෙනවනම් ඒවා මේකට අමුණන්න...



යන්නාම්..

ලස්සන දවස් එන්නෙ නෑ තියෙන දවස් ලස්සන කරගන්න හොඳේ...🩷

පිහාටුවක්... | GL STORY | COMPLETEWhere stories live. Discover now