"අපි බස් එකේද යන්නේ"
"ඔව් ..එතන වාහන පාක් කරන්න ඉඩ අඩුයි. මට හරවගන්නත් බැරි වෙයිද මන්දා..බස් එකේ යමු"
"හා..එහෙනම් මේ බෑග් එක අරන් පහළට යන්නම්"
"ඔව්. සෙටිය උඩ අසිරු තියලා ගියපු බිස්කට් බොක්ස් දෙක එතනම මම තියල ඇති ලොකු ඩෙවෝන් එකේ බෑග් එකක් ඒකට දාන්න..මම එන්නම් ඇඳුමක් දාගෙන"
ඊයේ රෑ වෙනකොට මිනිය සචින්ලගෙ ගෙදරට ගෙනාව.අවමංගුල් කටයුතු කරන්න පවුලෙන් ඇවිල්ල ඉන්නෙ සුළු පිරිසක් කියලා අසිරු ඊයේ මට කිව්ව..ඒ නැතත් වට පිටාවේ අය වත් උදව්වක් නෑ ලු..ඉලෙක්ට්රික් බෝඩ් එකේ අය නම් ඇවිල්ල ඉන්නවලු ආයේ බේබදු සංගමයක් ඇවිල්ලා ඉන්නවලු.. අදම අවසන් කටයුතු කරන නිසා රුරී උදේම අපෙ ගෙදර ආවා උදේම මළගෙදර යන්න.අහිංසත් කටුගස්තොටින් අපිට හම්බෙනවා..
"හරිද දැම්මද"
"ම්ම්.. ලෙතුවි.."
"ඕ.. ඔයා ඇයි අවුලකින් ඉන්නේ..ආව වෙලාවේ ඉදලා මට දැනුනා ඇයි"
"ඔයා ගාව සුවඳයි"
"ම්ම් ?"
"ඒ සුවඳ මං ගාවින් එනකල්ම මාව බදාගෙන ඉන්නකො"
"එන්න "
මම කරේ දාගත්ත බෑග් එක ආයෙම සෙටියෙන් තියලා රුරීට තුරලට එන්න කිව්ව.. එයා සිනිදු උණුහුම් ටෙඩි බෙයා කෙනෙක් වගේ..සුදු පාට ටීශට් එකට ලානිල් ඩෙනිමක් ඇදලා කොන්ඩේ පෝනිටේල් එකක් දාලා බාටා දෙකක් දාගෙන වැඩි හැඩ වැඩක් නැති වුනත් එයා හරි චාම් ලස්සනක හිටියා.
"පරක්කු වෙයි ද"
"අපි ගියාට මොකුත් කරන්න නෑ නේද"
"ඔව් ඉතින්.. මේ බිස්කට් ?"
"ඔයා ඇති තරම් ඔහොම ඉන්නකො.. ඔයාගේ මූඩ් එක හරි වුනාම යමු"
"මට ඇතිවෙන්නෙ නෑ නේ. ඔයාට ඇති වෙන්නෙත් නෑ නේ"
තුරුල් කරගෙනම මං රුරීගේ බෙල්ලෙන් හාදුවක් තිබ්බා..එයා ඒකම ආයේ මටත් දුන්නා..එහෙමම තවත් මං එයාව තුරුල් කරලා කම්බුලක් ඉඹගෙන ඉඹගෙන ඉඹගෙන ගියා..
"ආව්...නෑ නෑ..දෙන්න තව"
"ඔයාගේ කම්බුල් දෙක රතු වෙලා"
YOU ARE READING
පිහාටුවක්... | GL STORY | COMPLETE
Lãng mạnඅවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේවින්දි ඒවත් නැත්තන් එයා කවදාවත් පාවිච්චි නොකරන රුරී කියන්නේ ඒ 'සමහර මිනිසෙක්' වෙන්නෝනේ..මොකද පොඩි ක...