63 කොටස

424 45 25
                                    

මගේ අවුරුදු දහනවය , විස්ස , විසි එක , විසි දෙක කියලා කියන්නේ මං වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුන අවුරුදු කිහිපයක්. අප්පච්චි එක දවසක් කිව්වා හරි මිනිහෙක්ට එහෙම කාලයක් ජීවිතේට එන්න ඕනෙලු, ලෝකේ වෙන්නෙ මොනාද හොය හොයා ඉන්නෙ නැතිව තමන්ගේ දේ වෙනුවෙන් නොකානොබී හරි නිදිමරගාතේ හරි වැඩ කරන කාලයක් 'සාර්ථකයි' කියන මිනිහෙකුට තියෙන්න ඕනෙලු.

මම එහෙම නොකානොබී වැඩ කරේ නෑ.මට පුලුවන් සීමාවේ ඉදගෙන මගෙ වැඩ කරගත්තා. පැය විසිහතර කියන එක උපරිමේට ප්‍රයෝජන අරගෙන මුලුමනින්ම මාව හදාගත්තා. ඒ දවස් ලේසි නෑ..මුල් කාලේ මම ජිම් ගියාම වැඩ කරන්න අමාරුයි ,ඒත් මම බාරගත්තු වැඩ කරලා දෙන්න ඕනේ නිසා කෙලින් ඉදන් වැඩ කරා..පස්සේ මම හැමදේම මට පහසු විදිහට හදාගත්තා..රටේ ලෝකේ වෙන දේවල් ගැන කිසිම දෙයක් නොදැන ජීවත් වෙන්න හිතුව එක ඒ කාලේ මම අරගත්ත හොඳ තීරණයක් කියලා සෑහෙන ආපහු ඒ දවස් මතක් කරන හැම වෙලාවකම මම හිතනවා... 

මට හොඳ ප්‍රථිපල තියෙන නිසා මම හිතනවා මම හරි දේ කරා කියලා...

අවුරුදු හතරකට පස්සේ  මට නිවාඩුවක් විදිහට අප්පච්චි අක්කියි මාව ඩුබායි එක්කන් යන්න හිතලා..ඇයි ඩුබායි ම  කියලා ඇහුවම කිව්වේ අප්පච්චිගෙ බිස්නස් ටුවර් එකට අක්කිවයි මාවයි ඔබාගෙන ඉන්නේ කියලා.. කොහොමහරි අද හවස සමාජ මාධ්‍ය කලබලා අපි ඩුබායි වලට ආවා.. මම නොදන්න මාව දන්න මිනිස්සු නිසා මට බොඩිගාඩ් කියලා දෙන්නෙක්ව අප්පච්චි දුන්නා..ඒ මනුස්සයා දැක්කම මට නම් කටවත් අරින්න හිතෙන්නෙ නෑ..මට වඩා දෙගුණයක් විතර ලොකුයිත් එක්ක...ගෑනු කෙනා නම් එහෙම නෑ එයා සාමාන්‍ය ශරීරයක් තිබුන කෙනෙක්..ඩුබායි වලින් එනකල්ම ඒ දෙන්නා මගෙ පස්සෙම හිටියා..

අපි නතර වුනෙත් රුරී වැඩ කරපු ශ්‍රැන්ගිලා හොටෙල් එකේ..ඉතින් අපි ලංකාවේ නිසා එයාලා රුරීගෙ සේවය ගැන හොඳ කිව්වා..එයා ගියපු එක එයාලට පාඩුවක් වෙලත් එක්ක..ඒත් එයාලා තේරුම් අරගෙන රුරීගෙ තීරණවලට ඉඩ දීලා.. එහෙදි ලංකාවේ ගොඩක් අය අපිට මුණ ගැහුනා..

මම දැනටමත් සුඛෝපබෝගී ජීවිතයක ඉන්නවා...ඒ වුනාට රුරී නැති අඩුම පුදුම විදිහට මට දැනෙනවා.. මටම ඇහිලා තියෙනවා අක්කියි අප්පච්චියි එක්ක ගොඩක් අය කියනවා 'එයාට දැන් මොනාද අඩු ' කියලා.. මට ජීවිතේ ඕනෙම දේ අඩුයි කියලයි මට හිතෙන්නේ. පහුගිය කාලෙත් රුරී ගැන මහලොකු දේවල් මම දැනගත්තෙ නෑ , එයා සනීපෙන් ඉන්නවා කියන දේ නිසා මම ඉවසන් හිටියා.. අනික එයාගේ ගෙදර තිබුන තත්වය එක්කන් මට නිකමෙක් වගේ එයාගේ ඉස්සරහට යන්න ඕනේ වුනේ නෑ...

පිහාටුවක්... | GL STORY | COMPLETEWhere stories live. Discover now