15 කොටස

596 70 8
                                    


කයිවාරුව මාරුවෙන් මාරුවට සෑහෙන වෙලාවක් ඇඳිලා යනකොට මට තේරුණේ රුරී ඉන්නේ මොකක්හරි අපහසුවකින් කියලා.. අවසානෙදි පන්තියට පොලිටිකල් මැඩම් ආවම හිටිය ඔක්කොමලම සිං සිං ගාලා මාරු වෙන්න පටන් ගත්තා .මම හිතන්නෙ පොලිටිකල් ළමයිනුත් පන්තියෙන් ගියාද කොහෙදෝ..

" රුරී"

ඔඩොක්කුවට වෙලා හිටිය රුරී නැගිට්ටම තවම වාඩි වෙලා හිටිය මම දැක්කේ කහපාට සායේ ලොකුවට තිබුන ලේ පැල්ලමක්.. වෙනසක් නොපෙන්වා මම  නැගිටලා රුරීව නතරකරගත්තා.

".. ඔයාට සනීප නැද්ද"

"නෑ එහෙම එකක් නෑ.නැටුව නිසා මහන්සියි ටිකක්"

"මම අහන්නේ ඔයා ඉන්නේ පීරියඩ්ස් වලද"

"අහ්" රුරී එහෙමම බැලුවේ එයාගේ සාය දිහා..ඒ ඇස් අනිත් පාර හැරවුනේ මගෙ කලු පාට බොටමට.. 

"....ලෙතුවී"

"යමු මම එන්නම්..ඔයාගෙ ළඟ -"

"ඔව් තියෙනවා හැබැයි බෑග් එක ඩාන්සින් රූම් එකේ.. යන්නෙ කොහොමද දැන්..මේ මගෙ ගවුමේ ගෑවුන මුල්ම වතාව"

"සාය පොඩ්ඩක් සයිඩ් කරලා නවල වගේ අල්ලගන්න මම එනවනේ"

මම මගෙ ළඟ තිබුන සැනිටරි පෑඩ් එකයි ශොපින් බෑග් එකකුයි ගෙනාව එකම පොතේ පිටු ටිකකුයිත් කඩාගෙන රුරීගෙ පිටිපස්සෙන් එළියට ආවා. අපි එළියට ආවා කියල කාටවත් ගානක් නෑ.ඔක්කොම හිටියේ මේ කලබල අස්සෙ උගන්නන්න ආව පොලිටිකල් මැඩම්ට මුණු මුණු ගගා බැන බැන..දවසටම උගන්නන්න ආව මුලිම ගුරුවරයත් එයා. පහළ වොශ්රූම් එකේ කවුරුත් හිටියේ නැති කොට රුරී ඇතුළට ගියාම මම එළියෙන් හිටියා..

"ලෙතුවි"

"ඕ"

 එයා වොශ්රූම් එකෙන් එළියට ආවේ අඩන මූණක් දාගෙන .කොහොමත් කට වැහිලානෙ තිබුනේ.

"අහන්නකො මගෙ බෑග් එක ගේන්න පුලුවන්ද ඩාන්සින් රූම් එකෙන්"

"මොනවද ඕනේ"

"ඒ.."

රුරී කියන්න බැරුව අදිමදි කරනවා වගේ මට හිතුණේ..

"මම වෙන යාලුවෙක්ට එන්න කියන්නද"

"ම්හ්ක්..අහන්නකො.. ගොඩක් ගෑවිලා නේ..මම උදේ ඉදලා නැටුව නිසා වෙන්න ඇති.. හැදුනේ ඊයේ..ඒක නිසත් වෙන්න ඇති..දැන් මේ ඇඳුම ඇදගෙන ඉන්න බෑ නේ.."

පිහාටුවක්... | GL STORY | COMPLETEWhere stories live. Discover now