51 කොටස

395 48 8
                                    

ලාවට ඇස් ඇරියම මං ගැස්සිලා වගේ ඇස් දෙකම උපරිමේට ඇරියේ කොයි වෙලාවෙද මම මෙතනට ආවේ කියලා බලන්න.. ඇස් ඇරිය ගමන් පෙනුන නුවර ටවුන් එක දිහා බලාගෙන සෝෆා එකෙන් ඒකෙම වාඩි වුනේ දවසේ දෙවෙනි දර්ශනේ විදිහට බිම තිබුන ලියුම් කෑලි දිහත් බලාගෙනමයි..

ඊයේ රෑ... හවස නිදාගෙන පාන්දර වෙන්න නැගිට්ටුනාම අයිස් ක්‍රීම් එකකුත් අරගෙන ලියුම් ටික අරන් මෙතනට ආවයි කියලා මට මතක් වුනේ බිම වැටිලා තිබුන ලියුම් ඒ අස්සෙ මගෙ කණ්නාඩි කුට්ටම දැකලා..ලැප් එකත් බිම.. මම සීඩි එකත් බැලුවා නේ..

එතකොට අද පාන්දර..මම නිදාගත්තේ සෑහෙන්න අඩලා..තවම ඇස් වල ඒ අඩපුවාගේ වේලුනු කදුලු රැදිලා තියෙද්දි මම ලැප් එකේ කී එකක් ප්‍රෙස් කරා.... ඒක කීයට හරි නිකන්ම ඕෆ් වෙලා.. මම අඩලම හෙම්බත් වෙලා හිටියේ..සමහර ලියුම් මගෙ අතින් ලාවට පෙඟිලා ගිහින්... ලස්සන පෑන් වලින් ලිව්ව අකුරු පෙනෙන නොපෙනෙන විදිහට බොඳවෙලා ගිහින්...අඩන විදිහ අමතක වෙලා ගිහින් හිටියත් මුල්ම ලියුමේ වචන ගානක් යනකොට මගේ ඇස්වලින් දැවිල්ලක් ඇවිල්ලා කදුලු එක එක කම්බුල් වලින් ගලාගෙන ඇවිත් මගෙ ඔඩොක්කුවටම වැටුනා...මට මං ගැන සතුටු හිතුනා , ආඩම්බර හිතුනා... ඒ ලියුම් වල ආදරය පිරිලා තිබුනා..ඒවගේම මට කලින් සමහර ලියුම් බොඳවෙලා තිබුනා..ඒකට වරහන් ඇතුලෙ එයාලා සමාව ඉල්ලලා තිබුනා... මම ඇඬුවේ සතුටටද දුකකටද නොදැන මම සෑහෙන වෙලාවක් ඇඩුවා... 

පපුවත් හීනියට රිදුනත් ඒ වේදනාවෙන්ම  මම සීඩි එකත් බැලුව..මම හිතන්නේ මම දැක්ක ලස්සනම ෆිල්ම් එක ඒක..

අපි පොඩි කාලේ බොඳ වුන කැමරා එකකින් ගත්ත බෑන්ඩ් එකේ වීඩියෝස් එක්ක අහබු ෆොටෝස් අමුණලා  බොඳ වුන කැමරාවේ ඉදලා පැහැදිලි කැමරාවකට එනකල් අපි ආව පාර ඒ සීඩි එක ඇතුළේ තිබුනා.. මම නායකත්වය ගත්ත මොහොතේ ඉදලා ඇඳුම් බෙදලා දුන්න හැටි පවා ඒ වීඩියෝ එකේ තියෙද්දි අවසානෙට පොඩ්ඩක් කලියෙන් " අපිට හොරෙන් මහන්සිය දරාගත්තා ! " කියන ක්ලිප් එකට අමුණලා මම පන්තියට ඇවිල්ල මහන්සියි කියලා වතුර එකක් ඇදගෙන ඇදගෙන යන වීඩියෝ එක්ක, ටැප් එකට මූණ අල්ලන් ඉන්න ඒවා ,ග්‍රවුන්ඩ් එක මැද වැටිලා හති අරින ඒවා එකතු වෙලා... ඒකෙන් පස්සේ මගෙ පැටව් ටික එකතු වෙලා සතුටු හිතෙන විදිහට සමූහ කතාවක් කරලා..ඒක ඇතුලේ එක එකාට නතරවෙන්න මම කියන්නම් කියන ඒවා ඔයා ඉන්නකො අක්කි අහන්න කියන කතා පිරිලා...අවසානෙදි අපි ස්පෝට් මීට් එකේදි ගත්ත රැන්ඩම් ෆොටෝ එකක් එක්ක.. ' එක උරහිස ළඟ පිරිහිස කුමරිය හිස සිබිමු උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමු... තුරුලේ ලමැද පිරුණු ..ආදරෙ මගේ ජීවිතේ වගේ ' කියන කෑල්ලෙන් වීඩියෝ එක ඉවර වෙනවා...අවසාන වක්‍ය ' අක්කි අපි ඔයාට ගොඩක් ආදරෙයි '..

පිහාටුවක්... | GL STORY | COMPLETEWhere stories live. Discover now