Chapter 13

999 129 250
                                    

Comment goal 150

(නැටුම සිංදුවත් එක්ක මවාගෙන ඒක සංයමයෙන් කියවන්න)

ලී මාලිගයට පැමිනි අමුත්තන්ගෙන් බෝල් ශාලාව පිරීගිහිල්ලා. රැස්ව සිටින වංශක්කාර ඔවුන්ගෙ සිනා හඩවල් සමග සම්මිශ්‍රණය වුන ගීතිකාවන් ශාලාව පුරා දෝංකාර දෙමින් ඇසෙනවා. ශාලාවේ සිටින ඔවුන් මාලිගයට පැමිනේමිදිම ලැබුනු විවිද වර්ණයන්ගෙන් හැඩවුනු වෙස් මුහුනු ඔවුන් විසින් පැළඳගෙන සිටිනවා.

ශාලාවට ඇතුල් වූ ඔවුන් අතැතිව වයින් වීදුරු දකින්න තිබෙනවා. සිනා හඬින් , කතාබහින් , සතුටු සාමීචියන්ගෙන් කාර්යබහුල ව සිටින වංශවත් කතුන් සහ පුරුෂයන් හිස් වන ප්‍රමාදයට සිය වයින් වීදුරු ලී මාලිගයේ සේවිකාවන් අතින් රත් පැහැ ප්‍රනීත වයින් සාරයෙන් යළිත් පුරවා ගන්නවා.

"නොතම්බ්‍රියා ප්‍රාන්තයේ ආදිපාද ප්‍රින්ස් විලියම් , ඔහුගේ මැතිනිය සහ ඔවුන්ගේ ආදරණීය දියණිය, අමේලියා."

මාලිගයට පැමිනෙන අමුත්තන් පිළිගන්න ක්‍රියර් විසින් අවසර පත්‍රය පෙන්වා මාලිගය තුලට පිවිසෙන අමුත්තන්ගේ නම් සහ ඔවුන් පැමිණි ප්‍රදේශයන් හඬ නඟා ප්‍රකාශ කරනවා.

"ජෝර්ජියා ප්‍රාන්තයේ ආදිපාද.. ප්‍රින්ස් ජෝර්ජ් සහ ඔහුගේ ආර්යාව, රූමත් ප්‍රින්සස් ෂෙලීනා.."

"කෙන්ට් ප්‍රාන්තයෙන් පැමිණි.. රොසේටා මෙනෙවිය.."

"සසෙක්ස් ප්‍රාන්තයෙන් පැමිණි ශ්‍රීමත් ෆෙඩ්රික් උතුමාණන්ගේ වැන්දඹු ආර්යාව සහ ඔවුන්ගේ කඩවසම් පුත්, ඔගස්ටස් කුමරුන්..."

"නැගෙනහිර ඇන්ග්‍රලියා ප්‍රාන්තයෙන් පැමිණි.. කැතරින් ආර්යාව.."

"වංශවත් රොමෙල්ඩා මෙනෙවිය සහ ඇගේ සොහොයුරිය, වංශවත් ඇබෙල්ඩා මෙනෙවිය.."

ඔවුනොවුන්ගෙ නාමයන් ක්‍රියර් විසින් ගෞරවනීයව හඳුන්වා දෙනවිට ඔවුන් සැවොම ශාලාවේ රැස්ව සිටින අනෙක් අමුත්තන්ට ආචාර දක්වමින් වංශක්කාර ගමනින් නෘත්‍ය ශාලාව වෙත ඇතුල් වෙනවා.

සිල්වර් පැහැයෙන් දිලිසෙන කලු පැහැ වෙස් මුහුණක් , ලේඩි ලී විසින් එවූ ඇදුම් ආයිත්තමයන්ගෙන් සැරසී සිටින කඩවසම් මහචාර්‍යතුමන් උත්සව ශාලාවෙ කෙලවරෙහි සිටගෙන සිටිනවා. මේ වනවිටත් උත්සවයට පැමිනි සුන්දර කාන්තාවන් කිහිප දෙනෙකුගෙ අවදානය මහචාර්‍යතුමන් වෙත ආකර්ශනය වී අවසානයි.

Maria (Taekook)Where stories live. Discover now