Chapter 16

594 101 188
                                    

Vote goal 100
Comment goal 150

වෙවුලමින් උඩු අතට දැල්වෙන ඉටිපන්දම් දැල්ලෙන් පමණක් අන්ධකාරය නිවන කාමරය මධ්‍යයහි තබා තිබෙන්නෙ  රෝස් වුඩ්ස් ලීයෙන් නිමවන ලද යෝද  පියානෝවක් . ස්වර්ගයෙ වෙසෙන සුරදූතයින්ගෙ රූපයන් කෙටුව උස් වීදුරු ජනෙල් හරහා කාමරය තුලට හද එලිය වැටෙන්න හෝ එය හද පැයූ රාත්‍රියක් නොවෙයි.

එම අන්ධකාර කාමරයෙහි ද්වාරයට පිටුපා සිටගෙන සිටින අදුරු සෙවනැල්ලෙහි පෘශ්‍ටිමත් බාහු අතරින් උඩු දුවන නහර හොදින් ඉලිප්පි පෙනෙන අයුරෙන් සුදු කමිසය වැලමිට තෙක් නවා තිබෙනවා. ඔහුගෙ එක් අතක් කලිසම් සාක්කුව තුල බහා තිබියදි දකුණත වරින් වර තොල් වෙත ලං වනවා.

රලු වියලුනු තොල් අතරින් නිදහස් වන දුම් වලා වාතයට එක්වෙමින් නොපෙනී යනවා. ඒ දෙස  බලා සිටින ඔහුගෙ තියුණු අලු අගුරු දෑස් යම්කිසි තීරණයක් පිලිබද නැවත නැවත තමාගෙ සිත සමග වාද කරනවා.නමුත් අවසානයෙ,

"ගලවන්න."

"ආධිපාදිතුමනි."

නිහඩ කාමරය තුල දෝංකාර දෙමින් ඇසෙන ලී ජොන් සුක් අධිපාදිතුමාගෙ අණත් සමග එහි නැවතත් ඇසුනෙ වෙවුලන එලිසබෙත්ගෙ හඩ පමණයි. නමුත් ලී ජොන් සුක්ගෙ එක් තියුණු බැල්මක් ප්‍රමාණවත් වූවා එලිසබෙත්ව නිහඩ කරවන්න.

වෙවුලන ඇගේ දෑස් ලී ජොන්සුක්ගෙ තියුණු දෑස් හා එකට ගැටෙන මොහොතෙදි බියෙන් හිස පහත් කර ගන්න ඇය ලී ජොන්සුක්ගෙ අණ පිලිගනිමින් සෙමින් හිස වනනවා. වහල් කුලයක තරුණියක් වූ එලිසබෙත් හට ලී ජොන්සුක් වන් පුරුශයෙක් හා වාද කීරිමෙ හැකියාවක් නැහැ.

නමුත් ඇය අසලින් සිටගෙන මුහුනෙ කිසිදු ප්‍රකාශිත හැගීමක් රහිතව සිටින ලේඩි ලී දෙස බලන ඇගෙ සිත ලී ජොන්සුක් ආදිපාදිතුමාගෙ අණ ක්‍රියාත්මක කරගත නොහැකිව තවමත් එක් තැනම ගල් ගැසී බලා සිටිනවා.

එලිසබෙත්ට, ටේහියුන්ට පිටුපා සිටගෙන සිටින ලී ජොන්සුක් ඔහුගෙ ප්‍රියතම විනෝදාංශයෙ ප්‍රතිඵලයක් වුන ලෙදර් බෙල්ට් , කේන් එකතුවෙහි මුල සිට අගට පිලිවෙලින් ඇගිලි ගෙනයනවා.එම එකතුවෙහි එක් තැනක ඔහු නතර වනවා.

Maria (Taekook)Where stories live. Discover now