Chapter 20

360 80 151
                                    

Comment goal 100

ශීත සෘතුව, අලු පැහැති අහසින් වැටෙන හිම පියලි ඩැහැගනිමින් මැන්චෙස්ටර් නගරය හිමෙන් වැසී ගිය සුදු කැන්වසයක් බවට පත් වෙලා. සීතල සුලං මැන්චෙස්ටර් නගරය හරහා හමා යන්නෙ නගරයේ හිමෙන් වැසුණු නිවෙස්වල දුම් කවුළුවලින් දුම් වළලු අහස සිපගන්න මෙන් ඉහළට ඇදී යද්දි.  සීත ඍතුවේ ආරම්භය නිසාම, මුළු මැන්චෙස්ටර් නගරයම හිරු එළියකින් තොර වූ අලු පැහැති වලාකුලින් වට වුන ලා අදුරු ලෝකයක් බවට පත් වෙලා.

වීදි දෙපස කඩ සාප්පු පොළව මත ගොඩගැසුණු හිම තට්ටුවලින් අවහිර වී තිබෙනවා. නමුත් පැමිනි ශීත ඍතුව මැන්චෙස්ටර් නගරවැසියන්ගෙ දෛනික කටයුතු වලට බාදාවක් වී නැති හැඩයි. සිසිරයේ අසාමාන්‍ය ශීතලෙන් වසන් වීමට විශාල සීත කබාවලින් සැරසුණු මිනිසුන් හිමෙන් වැසුනු කඩ සාප්පු පහු කරමින් කාර්‍යබහුල මාර්ගයෙ ඉදිරියට ඇදී යනවා.

ඔවුන් ගමන් කරන හිමෙන් වැසී  තිබෙන පාරවල් සුද්ද කරන තරුණයින් කිහිපදෙනෙක්ට කාන්තාවක් විසින් උනුසුම් කොකෝවා පානයන් සංග්‍රහ කලා.

බටහිරෙන් හමන සීතල  හුලග හිම පුලිඟු  සමගින් හමා  යන්නෙ  නගර ශාලාවේ විසල් ටවර් එක මත විවේකිව  කල්මරන පරෙවියන් කිහිප දෙනෙකු අවුස්සමින් අහස පුරා විසිරුවා හරිමින්. නමුත් ඔරලෝසු කණුව මුදුනෙ වසා සිටින තනි සුදු පරවියෙක් විහිදුණු මැන්චෙස්‍ටර්  නගරය දෙස හිස හරවමින් බලා සිටිනවා, ඇයගෙ කුඩා ඇස් හරි එකේල්ලෙන් යොමු වී තිබෙන්නෙ නගර මධ්‍යයෙ පිහිටා තිබෙන ශාන්ත මරියා දේවස්තානයට.

චෙරුබ් ප්‍රතිමා, රන් ඉරි වලින් ඇද තිබෙන බිත්ති සිතුවම්, ආරුක්කු වහලින් නිමවුනු කුඩා දේවස්තානයේ විශාල කතැඩ්‍රැල් ජනෙල් වලින් පිටත ලෝකය වෙත ගලා එන්නෙ මිහිරි ගීතිකාවන්ට ජීවමාන ස්වර පොවන පියානො වාදනයක මෝහනීය හඩක්.

දේවස්තානයේ කෙළවරට වෙන්න තබා තිබෙන යෝධ පියානෝව අසළින් අසුන්ගෙන සිටින තරුණයාගේ දිගු අතැඟිලි මතින් තෙරපෙන නිමාවක් නොමැති ගීතිකා ඛණ්ඩ විසල් ශාලාව පුරා දෝංකාර දෙමින් ඇසෙනවා. සීතල හෝරාවේ කිසිවෙක්ම නැති දේවස්ථානය තුළ පියානො වාදනය කරන තරුණයා වෙත කෝපි දුඹුරු පැහැ දෑස් යුගලයක් උනන්දුවෙන් යොමු වී තිබෙනවා. බැතිමතුන් අසුන්ගන්න බංකුවක් මතින් අසුන්ගෙන සිටින ප්‍රොෆෙසර් ජියොන් ස්වර්ගයෙන් බැස ආ සීතල සුරදූතයා දෙස බලා සිටින්නෙ තොල් අග ඇදුනු කුඩා සිනහවක් සගවාගන්න උත්සහ කරමින්.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 14 ⏰

Add this story to your Library to get notified about new parts!

Maria (Taekook)Where stories live. Discover now