Chapter 14

702 121 155
                                    

Comment goal 100
Vote goal 100

නිදන කාමරයෙ දොරට පිටුපාලා හිටගෙන ඉන්න  ප්‍රොෆෙසර් ජියොන්ගෙ දෑත් කාර්‍යබහුලව තම ගමන් මල්ල අසුරනවා.  ගෙවුනු රාත්‍රිය පුරාම නින්දක් නොමැතිව කල් ගෙවුව ප්‍රොෆෙසර් ජියොන්ගෙ අවසන් තීරණය - ඔහු මෙම මාලිගයෙන් පිටවිය යුතුයි. තම සිත තුල නැගෙන දරුණු සුලි කුණාටුවෙන් ගැලවිය හැකි මාර්ගයක් පෙනෙන මානෙක නැතත් තමා ගත යුතුම තීරණය මෙය බව ප්‍රොෆෙසර් ජියොන් විශ්වාස කලා.

සිදු වූ සියල්ල පිලිබද තමාට දැනෙන හරියාකාරම හැගීම කුමක්ද බව තවමත් ප්‍රොෆෙසර් ජියොන් දැන සිටියෙ නැහැ.එම සිතුවිල්ලෙ ගැඹුරට ගමන් කරමින් සිතන්න අවශ්‍ය වුවත් මේ මොහොතෙදි එය කරන්න ප්‍රොෆෙසර් ජියොන් සූදානම් නැහැ. සෑම මොහොතකම තමන් තුල පවතින සන්සුන් බව පවත්වගන්න ප්‍රොෆෙසර් ජියොන් සමත් වුනත් මේ මොහොතෙහි තමන් තුල ඇති වී තිබෙන දැඩි නොසන්සුකාරි ගතිය පාලනය කරගන්නෙ කෙසේද බව ප්‍රොෆෙසර් ජියොන් දැන සිටියෙ නැහැ.

කලබලයෙන් ගමන් මල්ල අසුරන ප්‍රොෆෙසර් ජියොන්ගෙ අත් මගින් නතර වනවා. පිටුපස හැරී නොබැලුවත් ඔහුට දැනෙනවා ඔහු වෙත යොමුවෙන බැල්මෙහි සීතල බව.

ඇදට බර වෙලා ගමන් මල්ල අසුරන ප්‍රොෆෙසර් ජියොන් දොර දෙස නොබලාම ඔහුගෙ පොත් මේසය වෙත ඇවිද යනවා.කාමරය තුලට ඇතුල් වෙන අමුත්තාගෙ අඩි හඩ නොඇසෙනවා මෙන් සිටියත් ප්‍රොෆෙසර් ජියොන්ගෙ හදවත තරුණයා ඉදිරියට තබන අඩියක් පාසා වේගයෙන් ගැහෙනවා.

"ඔබ පිටත් වෙනවා"

තරුණයාගෙ සන්සුන් ගැඹුරු කටහඩ ප්‍රොෆෙසර් ජියොන්ගෙ ඉවසීමෙ සීමා ලකුණු  පරීක්ශා කරන්න පටන්ගෙන.බර හුස්මක් පහලට දමමින් පොත් මේසයෙ පොත් එකතුකරන ප්‍රොෆෙසර් ජියොන් හැරී නොබලම හිස වනනවා.

"බෝල් උත්සවයෙ නර්තනයෙ යෙදෙන්නෙ ඉගැන්වුවොත් නොපිපුණු Anemone මලක සෑබෑම තේරුම කියාදෙන බවට පොරොන්දු වුනා."

"නමුත් නොපිපුනු Anemone මලක තේරුම් දැනගන්න තවදුරටත් ඔබ උනන්දු නැති හැඩයි"

තරුණයා කතාකලත් ප්‍රොෆෙසර් ජියොන්ගෙන් ඔහුට පිලිතුරක් ලැබෙන්නෙ නැහැ. අඩි කිහිපයක් තමාට පිටුපසින් සිටගෙන ඉන්න තරුණයාත් ප්‍රොෆෙසර් ජියොන් අතරත් ඇති වන්නෙ දැඩි නිහඩ බවක්.

Maria (Taekook)Where stories live. Discover now