Chapter 18

574 100 131
                                    

Vote goal 100
Comment goal 100

අතීත යුගයක සාරයෙන් පෝශණය කර තිබෙන උනුසුම් කෑම කාමරය මධ්‍යයෙ තබා ඇත්තෙ විශිශ්ට ඕක් ලීයෙන් නිමවන ලද කෑම මේසයක්. මධ්‍යතන යුගයේ ශ්‍රේෂ්ඨත්වයේ රූප රාමු බිත්ති පුරා එල්වා තිබෙන එහි දිගු කෑම මේසයෙ අසුන්ගෙන සිටින ලී ජොන්ග්සුක්, ප්‍රොෆෙසර් ජියොන් එකිනෙකා දෙස බලමින්  හිස මදක් නවමින් ඔවුනොවුන්ට ආචාර කරනවා.

නමුත්  ඔවුන්ට පසෙකින් අසුන්ගෙන සිටින ලේඩි ලී තවමත් නිහඩවම කෑම කාමරයෙ කෙලවරක එල්වා තිබෙන  ග්‍රීක කන්‍යාවකගෙත් ඇයගෙ පෙම්වතා වූ බටහිර ජාතික නයිට්වරයාගෙත් අවසන් සමුගැනීමෙ සිතුවම දෙස බලා හිදිනවා.

එය වික්‍ටෝරියා යුගය නිරූපණය කරමින් චිත්‍රයට නගන ලද සිතුවමක්. යුද්දයට පෙර පෙම්වතා සමග අවසන් රාත්‍රිය ගත කල කන්‍යාවිය  ඇයගෙන් නික්ම යන යුද ඇදුමෙන් සැරසී සිටින නයිට්වරයා වෙත තම අත දිගු කරමින් හඩා වැටෙනවා.

සිතුවම වෙත එල්ලවෙන තරුණයාගෙ බැල්මෙහි නිර්ව්ද්‍යතාව කියවීමට අපහසුයි. මන්ද කිසිදු වෙනස් ප්‍රකාශනයක් පෙනෙන්න නැති ඔහු තුල සැගවී ජීවත් වන මනසෙ හරියාකාරම සිතුවිලි දන්නෙ ඔහුම පමණයි.

එලිසබෙත් සහ තවත් සේවිකාවක් විසින් බනිස්, පාන් පිරවු වට්ටි කෑම මේසය මතින් තබමින් උදෑසන කෑම මේසය පිලියෙල කරන්නෙ කල්පනාවක වැටී සිටින තරුණයා වෙතට ප්‍රොෆෙසර් ජියොන්ගෙ අවදානය යොමුවෙද්දි.

ප්‍රොෆෙසර් ජියොන්ට දැනෙනවා ඔහුගෙ හදවත වේගයෙන් ගැහෙනවාེ. සීතල අයිස් නිල් දෑස් මොහොතක වේගයෙන් ප්‍රොෆෙසර් ජියොන්ගෙ කෝපි දුබුරු ඇස් හා එකිනෙකට ගැටෙද්දි මදක් හිස නවමින් තරුණයාට ආචාර කරන ප්‍රොෆෙසර් ජියොන් තරුණයාගෙ නිහඩ ආචාරයත් සමග නැවතත් කෑම මේසය මත තබා තියන රිදී තැටි වෙත අවදානය යොමු කරනවා.

කෑම මේසය මත නැවුම්ව බේක් කරන ලද පේස්ට්‍රි , තරබාරු මුද්දරස්පලම් වලින් ඔබ්බවන ලද කේක් වගේම නැවුම් බටර් තබා තියනවා.

ඉදුණු, ඉස්ම සහිත පලතුරු බඳුන් , රූබි-රතු කොමඩු පෙති,  අන්නාසි වගේම  ඉදුනු මිදි පොකුරු.

Maria (Taekook)Where stories live. Discover now