දැන් හවස් වේගෙන එන්නේ. අපී හිටියේ මාලිගාවේ දෙවනියට උසම ගොඩනැගිල්ලේ. (පලවෙනී යට තියන උසම ගොඩනැගිල්ල ට යන්න බෑ. එකේ රජතුමාගේ නිදන කාමරය තියෙන්නේ ) මෙතනට මුලූ නගරයම හොදට පේනවා. කලින් සැලසුම් කරපූ විදිහටම ඒ දොරටූ 7 ලගින් high elf ලා රදවලා තිබුනා. නගරයේ හිටපූ දුර්වල elf ලාව බින්ගෙයක හැන්ගුවා. ඈත අහසේ අදුරූ වලාකුලූ රාජ්‍ය දිහාට ඇදිලා එන්න පටන් ගත්තා. ඒත් එක්කම විශාල dark elf සේනාන්කයක් අපෙ රාජ්‍ය දිහාට ඇදිලා එන්න පටන් ගත්තා. එයාලාට දම් පාට සමක් ඒ කියන්නේ, සාමාන්‍යයෙන් ඉතා අඳුරු, කළු පැහැයක් අර ගත්ත කට්ටියක් සියලුම එල්ව්වරුන් වගෙම, මෙයාලාටත් ඉතා විවිධාකාර දිගකින් යුත් කන් තියනවා.
අපී බලාපොරොත්තු වුන විදිහටම රාජ්‍ය එලියේදීම dark elf සේනාව නවත්ත ගන්න high elf සේනාවට පුලුවන් උනා high elf ලාගේ දුනූ විදීමේ හැකියාවයී එක්ක dark elf ලා ලොකූ අමාරූ තත්ත්වය ක හිටියේ.
ඒත් එක්කම පරිසරය වෙනස් වෙන්න පටන් ගත්තා. අහසේ දම් පාට ලොකූ කුහරයක් මැවෙන්න පටන් ගත්තා.
" පලිගුව "
එක පාරටම අයිවී හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා.
" කුමරිනී ..... කුමරියනී.... පුරොහිත තුමයී alisa යී අතුරුදහන් "
එම කියාන සෙබලෙක් වේගෙන් දුවගෙන ඇවිල්ලා කීව
" ඉක්මනට පලිගූ කාමරේට යමූ "
එම කියාන අයීවී වෙගෙන් දුවගෙන ගියා. අපිත් ඒ පස්සෙන් ම දුවගෙන ගියා.
අපී පඩිපෙලෙන් පහලට දුවන් පහලම තට්ටුවට ලන් වෙනකොට ඇහුනේ
" ක්ලීන්........ චිරීස්........ ක්ලාන්... "
ගගා කඩූ 2 ක් එකට ඇතිල්ලෙන් සද්දයක්.. පඩිපෙල දිගෙ පහලට යන්න යන්න සද්දේ වැඩී වෙලා අපට ඇහුනා. අපී පහලට බහින පඩිපෙලේ අන්තිමට දකුනූ අත පැත්තේ තිබ්බ දොරෙන් තමා අපී ඒ කාමරයට යන්න ඕන. අපී ඒ හරියට ලන් වෙනවත් එක්කම ඒ කාමරයෙන් ලොකූ දම් පාට එලියක් ආවා. ඒ ලොකූ එලියත් එක්කම alisa ව උඩීන් විසික්කා වෙලා ඇවිල්ලා ලහ තිබුනූ බිත්තියක වේගෙන් වැදීලා බිම වැටුනා.
ඒත් එක්කම එතනට මම දුවගෙන ගිහින් alisa ව වාඩී කරවලා.
" මට අවුලක් නෑ. ඒත්... ඒත්... එයාව අල්ලා ගන්න "
YOU ARE READING
Power Of the magic
Fanfictionහදවත දෙතැනක දෝලනය වන විට... කා හට දෙම් දෝ මා මගේ හදවත... නොසිතූ ජීවීතයක නවමූ ෆැන්ටසියක තව දුරටත් සිරවුනූ මගේ දිවීය කෙලෙස අවසන් වෙ දැ'යී තවම මා මගම බලමී... ❤🔮 1st book : the invisible world ©කතෲ අවසරයකින් තොරව කතාව උපුටා ගැනීම තහනම්