"වාව්........ එයාගේ ලස්සන...."
"අනේ එච්චර ලස්සන කෙනෙක් මම මෙච්චර කාලයකට දැකලා නෑ...."
" අනෙ ඔයාලාට හොදටම විශ්වාසද එයාගේ කැබින් එක ඇතීනා කියලා.... එයා ඇෆ්‍රොඩයිට් ගේ දරුවෙක් වගේ හරීම ලස්සනයී.... "
"අනේ...... එයාගේ මූන දිහා බලන්න එයා රතූ වෙලා..... "
ඔයාලා බලනවා ඇතී මේ මොකද කියලා..... ඇත්තටම මම camp half-blood එක ඇතුලට ඇවිදන් යනකොට camp half-blood එක ඇතුලේ හිටපූ ගෑනු ළමයී මන් දිහා බල බල කතා වෙනවා ඇහුන ඔය දේවල් වලට මාව රතූ වෙන්න ඇතී. හැබැයී ඒ ලැජ්ජාවට නම් නෙමෙයී . මට දැනුන අපහසුතාවයට.
මම ඇත්තටම කැමතී නෑ ඔය වගෙ මන් දිහා කන්න වගේ බලනවාටයී මන් ගැන ඔම කතා වෙනවාටයී. එතකොට මට ලොකූ අපහසුතාවක් දැනෙනවා. මම කැමති මටත් සාමාන්‍ය ළමයෙක් විදිහටම මට කතා කරනවා නම්.. සලකනවා නම්.. මම camp half-blood එක ඇතුලට ඇවිදන් ගියා..
අම්මා නම් කීවේ කයිරොන් ව හම්බ වෙන්න කියලා. එයා මොනවද වෙන්න ඕන කියලා හැමදේම කියලා කියලා දෙයී කියලා.
මම කිසිම කෙනෙක් දිහා නොබලා ඉස්සරහට යනකොට මම දැක්කා ඇගටත් වැඩිය ලොකූ මල්ලක් උස්සන් ඉන්න පොඩී ගෑනූ ලමයෙක්. එයත් මන් වගේම මෙහෙට අලුත් ළමයෙක් වෙන්න ඕන. අඩී පහක් විතර උස , කියුට්, කර්ලී කලූ පාට උරහිස ලගට වෙනකම් වැවුනූ කොන්ඩේ පොනීටෙල් එකක් දාලා. පුදුමෙන්, බයෙන් ලොකූ උන විදුලී නිල් පාට ඒ ඇස් දෙක මොනාද හොයනව.
ඉතින් මම අර ගෑනූ ළමයා දිහාට යන්න හදනකොටම භාගයක් එලුවෙකු භාගයක් මනුස්සයෙක් වගේ තියන ළමයෙක් මන් ඉන්න දිහාට ඇවිදන් ආවා.
මමත් හිනා වෙලාම උත්තර දුන්නා
"මට පර්සී ඔයා ගැන කීවා. එන්න අපී කයීරොන් ලගට යමූ. එයා ඔයාලාට කරන්න ඕන දේ කියයී. ඔයත් එන්න කයිරොන් ලගට යන්න."
කියලා ඒ සැටියර් මටයී අර හිටපූ ගෑනූ ලමයාටයී කීවා.
" ආ... මට කියන්න අමතක උනා. මගේ නම් ග්‍රෝවර් "
" අදුන ගන්න ලැබුන එක සතුටක් ග්‍රෝවර්. ඒක නෙමෙයි කෝ පර්සී එම. "
ග්‍රෝවර් ගේ පිටිපස්සෙන් යන ගමන් මම ඇහැව්වා .
" ආ.. පර්සී, ඇනබෙත් , ලියෝ, පයිපර්, කැබින් සියුස් එකේ අයයී කැම්ප් ජුපිටර් එකට ගිහින්. දැන් සතියක් විතර වෙනවා. ලබන සතියේ විතර එයාලා ආපාහූ එයී "
ග්‍රෝවර් යන ගමන් ම මට කීවා.
YOU ARE READING
Power Of the magic
Fiksi Penggemarහදවත දෙතැනක දෝලනය වන විට... කා හට දෙම් දෝ මා මගේ හදවත... නොසිතූ ජීවීතයක නවමූ ෆැන්ටසියක තව දුරටත් සිරවුනූ මගේ දිවීය කෙලෙස අවසන් වෙ දැ'යී තවම මා මගම බලමී... ❤🔮 1st book : the invisible world ©කතෲ අවසරයකින් තොරව කතාව උපුටා ගැනීම තහනම්