කොහෙද ' නිදා ගන්න හැදුවට නින්ද යන්නේ නෑ. එක එක නරක හීන පෙනීලා ගැස්සිලා ඇහැරෙනවා. හවස 6 ටත් ලගයී. සාමාන්යෙන් මායී තාත්තා යී මාරුවෙන් මාරුවට තමා කෑම ලෑස්තී කරන්නේ. ඒ කියන්නෙ අද මම කෑම ලෑස්තී කලොත් හෙට තාත්තා කෑම ලෑස්තී කරනවා. ආය මම කෑම ලෑස්තී කරන්නේ අනිද්දට ඒත් අද මට එම කෑම ලෑස්තී කරන්න පුලුවන් කමක් නෑ නේ. මම ඉතින් ලග තිබුනූ ජැකට් එකත් දාගෙන ලග තියබ කඩේකින් කෑම ගේන්න යන්න පාරට බැස්සා.
කට්ටිය වැඩ ඉවර වෙලා ගෙවල් වලට යන වෙලාව . ඒ නිසා පාරේ සෙනග වැඩී. මගේ ඇගට අමුත්තක් දැනෙනවා. කවෲ හරී මගේ පස්සෙන් එනවා වගේ. මම සැකයක් නොදැනෙන්න දෙතුන් පාරක් පිටිපස්ස හැරිලා බැලුවත් කව්රෘත් හිටියේ නෑ. මම ඉස්සරහාට ඇවිදගෙන යනකොට මිනිස්සූ වැඩිය නොහිටී හරියකට ආවා. ඇත්තටම කවුරු හරී මගේ පස්සේන් එනවා. මම නිකමට හැරිලා බැලුවා. මගෙ පිටිපස්සේ හිටියේ ඉස්කෝලේ dancing sir යී මට හවස බෙහෙත් දාපූ doctor යී.
"Sir , doctor "
මම කතා කලා
" කොමද ජැක්ස් මම ආවේ ඔයා බෙහෙත් ගත්ත doctor ගෙන් ඔයාගේ තතය ගැන අහන්න. අපී දැන් ගෙදර යන ගමන් "
Sir කීවා
" ඒත් සර් කෝමද දන්නේ මම බෙහෙත් ගන්න ගියේ මේ doctor ගාවට කියලා "
" ඒක මේමනේ ලමයෝ "
කියන ගමන් ඒ doctor ටික ටික ඉස්සරහාට එන්න පටන් ගත්තා. ඒත් එක්කම සර් ගෙයී ඩොක්ට ගෙයී පෙනුම වෙනස් වෙන්න පටන් ගත්තා. දිග අඩූ තියන මිනිස් මකුලූවෝ දෙන්නේක් වගේ. මට එයාලාව දැක්කාම මතක් උනේ spiderman එකෙ ඉන්න dr. Otto ව හැබැයී මේ දෙන්න හරී විකුර්තී. එතකොට මේ වගේ අය වෙන්න ඇතී නේද ඩෙමී ගෝඩ් ලා පස්සේ එන්නෙ.
මට මගේ අත් වලින් මුකුත් කරන්න බෑ. ඒත් මම මගේ ආයුධ දෙක මවා ගත්තා. වටපිට කවුරුත් හිටියෙ නෑ. ඒ දෙන්නත් එක්ක මම fight කරන්න පටන් ගත්තා. මගෙ උපරිමයෙන් සටන් කරනවා. මම මගේ හෙල්ල පාවිච්චි කරලා එක්කනෙක් ගේ ඇහැට ඇන්න. එයා කෑ ගහගෙන අහක උනා. මම ඒ අතර අනික් කෙනා එක්ක සටන් කරන්න ගත්තා. ඒ අස්සේ මගේ අත් දෙකෙ තුවාල පෑරිලා අයම ලේ ගලන්න පටන් අරන් . අර මන් දෙවනියට සටන් කරන්න පටන් ගත්ත කෙනා කටත් ඇරන් මන් ඉන්න දිහාට පැන්නා. මම දෙපාරක් නොහිතා එයාගේ කට ඇතුලට මගේ හෙල්ල යැව්වා. එක ඒයාගේ කට ඇතුලෙන් ගිහින් එයාගේ ඔලුව මුදෙනෙන් එලියට ආවේ ලේ හතර වටට විදින ගමන්. එයා එතනම ඉවරයි. ඊලගට අර ඇහැකට මගේ හෙල්ලෙන් ඇනපූ කෙනාත් මගේ දිහාට පැන්නා. මම මගේ හෙල්ලෙන් එයාගේ බඩට ඇන්නා. එයාත් එතනම ඉවරයී .
YOU ARE READING
Power Of the magic
Fanfictionහදවත දෙතැනක දෝලනය වන විට... කා හට දෙම් දෝ මා මගේ හදවත... නොසිතූ ජීවීතයක නවමූ ෆැන්ටසියක තව දුරටත් සිරවුනූ මගේ දිවීය කෙලෙස අවසන් වෙ දැ'යී තවම මා මගම බලමී... ❤🔮 1st book : the invisible world ©කතෲ අවසරයකින් තොරව කතාව උපුටා ගැනීම තහනම්