" යං "
හසරැල් එහෙම කියාගෙන ගේ පිටිපස්සෙන් අතුරුදන් වෙනකොට නුවේද් ආයෙම කාර් එක ඇතුළට නැමිලා අර අරන් ආපු ඩැෆඩිල් පැලේ අරගත්තා.
යං කියලා ගේ ඇතුළට එක්කන් යන්නෙ නැතුව මේ මනුස්සයා මොන ලෝකෙක ගියාද කියලා හිත හිත නුවේද් හසරැල් ගිය දිහාවට අඩිය තිබ්බෙ එයාව එතන තනි කරලා ගිය එක ගැන හිතින් බොරුවට හසරැල්ට බැන බැන..
ගෙදරට චුට්ටක් පිටිපස්සට වෙන්න හදලා තිබ්බ ග්රීන් හවුස් එක නුවේද්ගෙ ඇස් වලට අහු වෙනකොට හසරැල් දොර ගාවින් එලියට එබුනා..
ඉතින් දොරෙන් ඇතුළට යද්දි එයාට ඇහුනෙ වතුර ගලන් යන සද්දයක් එක්ක හීනියට ප්ලේ වෙන පියානෝ වාදනයක්. මේක ඇතුළෙ වතුර ගලන් යන සද්දයක් ඇහෙන්න ඉඩක් නැති විත්තිය නුවේද්ට තේරෙනකොට එයාගෙ මූණෙ ඇඳිච්ච ප්රශ්නාර්ථයට උත්තරේ විදියට හසරැල් පැත්තක තිබ්බ එයාගෙ ෆෝන් එක පෙන්නුවේ ඇස් වලින්..
ඇතුළෙ තිබිච්ච පරිසරයට අර මියුසික් එක ගානට ගැලපෙද්දි එතන හැදිලා තිබ්බෙ අමුතු , ඒත් හිත නිවෙන විදිහෙ වටපිටාවක්..
ක්ලේ පොට්ස් වල පැළ කරලා තිබ්බ මල් නැති නුවේද් නමක්වත් නොදන්න පැළ ජාති වලට ග්රීන් හවුස් එකේ එක පැත්තක් වෙන් වෙනකොට තව පැත්තක් පිරිලා තිබ්බෙ එක එක මල් පැළ වලින්.. මැද්දෙ තිබිච්ච ලී මේසෙ උඩින් නුවේද් අරන් ආපු අර ඩැෆඩිල් පැලේ තියලා එයා ග්රීන් හවුස් එකේ හතර වටේට ඇස් අරන් ගියෙ හසරැල්ගෙ ඇස් නුවේද් ලඟ නැවතිලා තියෙනකොට.." මං මෙහෙම තැනකට ආවමයි මේ "
නුවේද් සම්පූර්ණ ස්කෑන් එකකට පස්සෙ කතාව පටන් ගත්තෙ අර ලී මේසෙට පොඩි හේත්තුවක් දාගෙන..
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️