Chapter 10

646 64 3
                                    

හැන්දෑවේ හතරට ත් ලගයි  විශ්ව මොනවද  මන්දා පුංචි පැල වගයක් හිටවනවා අභින්ස බලාගෙන හිටිය පුදුම කුතුහලය කින්. කොහොම ත් ඉතිං මිනිහා ඉස්කෝලෙ ප්‍රා තා කූ වලට පැලයක් දෙකක් හිටවලා තිබ්බා ඇරෙන්න ඉතිං වත්තේ වැඩකට සහභාගී වෙලා ම නැද්ද මන්දා... ඔන්න එයාගේ තාත්තා නම් ජාතික රුක් රෝපණ දිනයට අමාත්‍යංශයේ පැත්තේ පැල යක් ඉන්දනවා අභින්ස දැකලා තියේ....

අභින්ස පැල හිටවනවා බලාන ඉන්න අතරේ තූර්ය නම් ලොකු බාල්දි ය කුයි ඇදුම් වගේ කුයි අරං කොහෙද මන්දා යන්න ලෑස්ති......

"තාත්තේ මම යනවා.... "

"ආහ් හරි සුදු මහත්තයා ඉක්මනට එන්න හොදේ හවස් වෙන්න කලින්..... "

තූර්ය තාත්තා ට ත් කියලා පාර පැත්තට යන දිහා අභින්ස බලාගෙන හිටියේ ඒ පාර මූ මේ මාවත් හලලා යන්නේ කොහෙද වගේ ලුක් එකකින්.... එක්කෝ මූ කෙල්ල වත් බලන්න යනවා ද ඒත් රෙදි මොකටද... සමහරවිට කෙල්ල ට කියලා ද දන්නේ නෑ මූ රෙදි හෝද ගන්නේ... ඔව් ඉතිං මේ ගෙදර වොෂින් මැෂින් එකක් තියනවා කියලා ඈ...

"අභින්ස පුතා යන්නේ නැද්ද තූර්ය එකක්.... "

"හෑ... "

"තූර්ය ඔය පහල ඇලට ගියේ ඔයත් ඕන නම් ගිහිං නාගෙන එන්න.... යනවා නම් ඉක්මනට යන්න තූර්ය මග ඇරෙන්න කලින්... "

අභින්ස තූර්ය ව අල්ලගන්න ඉතිං හති දාගෙන දුවලා අන්තිම ට තූර්ය ගේ ඡායාව ඇල ලග ලාව ට වගේ දැකලා තමා නතර වුණේ ගෙදර ඉදලා ම කොච්චර හයියෙන් නම කියලා අඩගැහුව්වත් තූර්ය නෙවෙයි ඉතිං හැරිලා වත් බැලුවේ.... ඇල ලග ට කිට්ටු කරාම තමා අභින්ස ත් දැක්කේ තූර්ය වට කරගෙන ඉන්න ගමේ රස්තියාදු කාර බයික් නඩේ... මුලින් අහක යන ප්‍රශ්න වලට මොකට අත දානවා ද කියලා හිතුවත් ඉතිං....

"ආහ් මල්ලි බබා නාන්න වගේ..... "

"ඒ බලපං කෝ මුගේ කද..... "

"ඒක තමා බං..... මල්ලී තනියම නාන්න එපා කව්රු හරි උස්සන් යයි ඈ... "

කතාවෙන් කතාවෙන් එතන හිටිය එක කොල්ලෙක් තූර්ය ගේ උරහිසකට අතක් ගෙනිච්චා..... දැන් නම් තූර්ය මෙච්චර වෙලා පාත් කරන් හිටිය ඔලුව ඉස්සුවේ අර කොල්ලා ගේ අතත් අබරගෙන මයි.... ඒ අල්ලපු පාරට කොල්ලා මර හඩ දුන්නා..... ඒ එක්කම වගේ අනිත් කොල්ලො තූර්ය ට ගහන්න ආවත් කට්ටිය ම නතර වුණේ අභින්ස ගේ කට හඩට....

Walathuru ✅Where stories live. Discover now