Chapter 24

231 34 12
                                    

තමං ගේ දරුවෙක් ගේ මිනිය කරගහන් වෙනවා තරං වේදනාවක් දෙමාපියන් ට තවත් නැතුව ඇති. ඉතිං අරුණෝද් ඒ වේදනාව හොදටම විදලා තියෙන කෙනෙක් තමං ගේ අක්කා යි අයියා යි divorce වෙලා එයාලා ගේ පොඩි දරුවාව තමං ට භාර දුන්න දා ම අරුණෝද් අවුරුදු 22 න් තාත්තා කෙනෙක් වුණේ අවුරුදු 12 ලමයෙක්ට. එදා ඉදලා අරුණෝද් තමා එයාගේ බිගුන් කොල්ලා ගේ ලෝකේ වීරයා වුණේ. බිගුන් පුංචි කාලේ ඉස්කෝලෙ ඇරිලා ආපු ගමං මාමේ මාමේ කියලා කෑගහගෙන එන්නේ එයා දන්නවා එයාගේ මාමා එයාට කන්න මොනවා ම හරි උයලා ඇතී කියලා..... ඒකත් එයා ආසම දෙයක්. ඉතින් එකම එක දවසක් අරුණෝද් නුවරින් පිටට ගියේ ඒකත් ලගම එන බිගුන් ගේ Birthday එකට surprise gift එකක් ගන්න...... ඒ බිගුන් ආසාවෙන් හිටි පර්සියන් කැට් කෙනෙක්....... තෑග්ග අරං ගෙදර ඇවිත් බිගුන් ගේ හිනාව දකින්න හිතං උදේ ගෙදරින් ගියපු අරුණෝද් ට හවස ගෙදර එන්න වුණේ බිගුන් සදහා ම මේ ලෝකේ දාලා ගිහිං කියන ආරංචියක් එක්ක මයි. අඩු වයසින් තමං ට තාත්තා කෙනෙක් ගේ වගකීම් කියලා දුන්න තමං හුරතල් පොඩි එකා එදා තමං ටත් නොකියා කොහේදෝ දුර ගිහිං. මේ මරණේ පිටිපස්සේ කොහේදෝ කොණක සූරියසිංහ ලත් ගෑවිලා ඉන්න වග අරුණෝද් දැන ගත්තේ අහම්බයකින් වගේ එයාට හම්බ වුණ බිගුන් ගේ දිනපොතේ ඇසල සූරියසිංහ ගැන ලියවිලා තිබුණ දේවල් නිසා. බිගුන් ගේ දිනපොත සහස්වර ට යැව්වත් අරුණෝද් මයි. මොකද අරුණෝද් ට සූරියසිංහ පරම්පරාවෙන් පලිගන්න නම් එයාට ඇත්ත ටම පිරිස් බලය ඕන. ඒක නිසාම ද මන්දා එයා තූර්ය ව අභින්ස සූරියසිංහ ට ලං කරේ. තූර්ය වුණත් අරුණෝද් ව දැන ගත්තේ වෙනත් කෙනෙක් මාර්ගයෙන්.

........................................

එක පැත්තකින් අරුනෝද් එයාගේ පලිගැනීමේ ක්‍රීඩාව සැලසුම් කරන අතරේ එයාගේ මේ ක්‍රීඩා වේ ම ඉත්තෙක් වුණ තූර්ය මේ වෙලාවේ ඉන්නේ මේ සෙල්ලමේ ප්‍රධාන ඉලක්කයක් වෙන අභින්ස ලග. තූර්ය ගැන අභින්ස ට තිබුණේ දවසින් දවස වැඩි වුණත් අඩු නොවෙන විදිහේ ලෙංගතු කමක්. අභින්ස ට නොතේරුණත් ඒ තමා එයාගේ හිතේ තූර්ය ගැන තියෙන ආදරේ. ඉතින් අද අභින්ස වෙනදාටත් වඩා කඩවසම්. ගෑණු ලමයි න් ගේ වුණත් අවදානය අද රැදිලා තිබුණේ අභින්ස ලග. ඒත් අභින්ස ගේ ඇස් නතර වෙලා තිබුණේ එයාගේ ඩිවයින් ලග.

Walathuru ✅Where stories live. Discover now