එකයි... දෙකයි.... තුනයි..... අඩි සද්දේ ටිකෙන් ටික මින්සදී ගේ කාමරේ ට කිට්ටු කරනවා....මෙතන දැන් ටිකක් හරි කෙලින් කටින් ඉන්නේ දිසෙත් විතරයි මින්සදි නම් නින්දෙන් හැරලා වගේ ඉන්නේ අභින්ස ට ලාවට කෙලින් හිට ගන්න පුළුවන් වුණත් කට ඇරියොත් පොර ලෙප්ට් වෙන සීන් එකක් දැන් තියෙන්නේ.....කාමරේ නම් දැන් බාර් එකක් වගේ මයි බියර් සුවද වගේ ම ලාවට අභින්ස සප්පායම් වුණ විස්කි සුදත් කාමරයෙන් හොදට දැනෙනවා.... ඒ බව මීටර් වුණ නිසාම දෝ අභින්ස පට්ට ගාලා මින්සදි ගේ perfume එකක් අරං මුලු කාමරේ ට ම ස්ප්‍රේ කරේ.... ඒක දැකලා මින්සදි නම් පරල වුණා මොකද එයා ඒක අලුතෙන් ම බර ගානක් දීලා ගත්ත එකක්.... අභින්ස ගේ ස්පා සිලෝන් වගේ ලෝකල් බ්‍රෑන්ඩ් perfume එකක් නෙවෙයි ඒක louis vuitton බ්‍රෑන්ඩ් එකේ එකක්.... දැනට මත් බෝතලෙන් බාගයක් ඉවරයි. දිසෙත් නම් දොර ලගට වෙලා කන් දී ගෙන ඉන්නවා....
ටොක්... ටොක්.. දෙපාරක් කව්රු හරි දොරට තට්ටු කරා....දැන් තමා වෙලාව දිසෙත් දොර අගුල හිමීට ඇරියා.... බලාපොරොත්තු වුණ තරම් අවුලක් නැති නිසාමද තුන් දෙනාටම සැනසීම ක් දැනුනේ. ඇවිත් හිටියේ ඇසල. ඇසල කට්ටිය ට ම එයාට ම ආවේණික වුණ හරි නිව්නු හිනාවක් දෙන ගමන් කාමර ටට ඇතුල් වුණා....
ඇසල ගේ ඇස් මුලු කාමරේ පුරාම දුවලා අන්තිම ට නතර වුණේ අභින්ස ලග... අභින්ස ඉතිං එයාට දෙන්න පුළුවන් අහිංස ගොංතාලේ හිනාවක් ඇස්වලට දුන්නා....
"මම වෙනුවට අම්මා ආවා නම් අද තුන් දෙනාට ම වේවැල් කසායේ රස බලන්න තිබ්බා...perfume එකට වඩා බියර් සැර වැඩි..... සුවද තාම තියේ...."
"අයියේ අපි මේ.... ඉක්..."
"මින්ෂි ඔයාට හොදට ම වෙරි වගේ.... දිසෙත් අක්කා ට දෙහි එකක් වත් දෙන්න අභින්ස ටත් දෙන්න අක්කා මලෝ දෙන්නා ම හොදට enjoy කරලා වගේ අද....."
ඇසල ගේ මුණ්ඩේ තිබුණේ තාමත් අර එයාට ම ආවේණික වුණ සන්සුන් හිනාව ඉතිං දිසෙත් ඇස්වලට අවනත වෙන්න ද කොහෙද ඔලුව ලාවට හෙල්ලුවා ..... දැන් කොහොම ත් අභින්ස මින්සදි දෙන්නා ට මේ වෙරි බස්සන්න දෙහි වීදුරු දෙක තුනක් වත් පොවන්න වෙන බව දිසෙත් දන්නවා.
YOU ARE READING
Walathuru ✅
Novela JuvenilGood things might just happen when you least expect them to be... ☁️🌲 Cover by : @Miku cover shop