සූරියසිංහ මන්දිරේ ට නම් අද ටිකක් කාර්යබහුල දවසක්. සුබාගේ අසනීපෙත් දැන් ටිකක් හොද අතට හැරිලා තිබුණ නිසා ම දෝ අද දවසේ සූරියසිංහ කුස්සිය ආයෙත් සුබා අතට ම භාර වෙලා තියෙන්නේ. කේතකී නෝනත් අද දවසේ කුස්සියේ මයි. මේ කාර්යබහුල කමට හේතු ඉතිං අද සහස්වර ගේ ගෙදර අය මනමාලි බලන්න එන එක. මනමාලි ඉතිං මින්සදි තමා. මින්සදි ට අනුව මේක එයාගේ කසාදෙ නෙවෙයි සූරියසිංහ පවුලේ බලය රැක ගන්න බිස්නස් ඩීල් එකක් විතරයි.
කොහොම වෙතත් මින්සදි නම් මේ කසාදේ ට අකමැති වෙන්න තීරණය කරලා ඉවරයි මොකද මින්සදි දන්නවා දිසෙත් ගේ හිතේ සහස්වර ගැන කැමැත්තක් තියෙන වග. දිසෙත් උනත් අද දවසේ ම මූඩ් ගහලා ඉන්නේ. ඇසලත් පිටතට නොපෙන්නුවා ට අද ටිකක් අවුලෙන්. මොකද අද උදේම නිම්සර එයත් එක්ක වලියක් දාගත්තා. ඇත්තටම ඇසල වුණත් කැමති මේ හැමදේම අත ඇරලා තමං ගේ ආදරේ හොයාගෙන යන්න. ඒත් ඒ හැමවෙලේම ඇස්වලට මතක් කරේ එයාගේ ලොකු තාත්තා අසේක ව. එයත් මේ වගේම හැමදේම අත ඇරලා එයාගේ ආදරේ හොයාගෙන ගිය කෙනෙක්. අදින් අද වනතුරුත් ඇසල ලොකු තාත්තා ට වෙච්ච දෙයක් දන්නේ නෑ. එයා දන්නේ ලොකු තාත්තා ට එයාගේ ආදරේ අහිම වුණා කියලා විතරයි. මොකද ලොකු තාත්තා ආදරේ කරපු කෙනා ට දැන් දරුවෙකුත් ඉන්නවා.
මේ මොන දේ වුණත් මේ ප්‍රශ්න ගැන තඹේකටවත් මායිම් නොකර කෙනෙකු ත් සූරියසිංහ මන්දිරේ ඉන්නවා. කේතකී ට අනුව ඒ සූරියසිංහ මන්දිරේ බෝඩිම් කාරයා. යුගාන් අභින්ස සූරියසිංහ ට නම් වැඩක් නෑ එයාගේ අයියා යි අක්කයි මොකා බැදගත්තොත් ඒ නිසාම ද කොහෙද අභින්ස උදේ කෑම කාපු ගමං ම වගේ කාටත් හොරෙන් තූර්ය ලා ගේ ගෙදර ගියේ. අද සෙනසුරාදා කොහොම ත් අද නම් විශ්ව ගෙදර නැති බව අභින්ස ට විශ්වාස යි මොකද විශ්ව හැම සෙනසුරාදා ම කොහේදෝ මන්දා ගිහිං හවස හයත් පහුවෙලා තමා ගෙදර එන්නේ. තූර්ය ට අනුව නම් විශ්ව නුවර ආපු දවසේ ඉදලා හැම සෙනසුරාදා ම ගෙදර හිටියේ නැල්ලු. අනික තූර්ය ගේ අම්මා ට වුණත් ඒක ඉස්සර ඉදලා ම ප්‍රශ්න යක් නොවෙන නිසා තූර්ය වුණත් ඒ ගැන තාත්තා ගෙන් අහන්නේ යන්නේ නෑ.
උදේ පාන්දර ම තූර්ය හොයාගෙන ආවා ට මොකද මේ වෙනකම් අභින්ස තූර්ය දෙන්නා අතර වචනයක් වත් හෝමාරු වුණේ නෑ. තූර්ය හිටියේ එයාගේ වැඩ කාමරේ. ඇත්තටම මේ කාමරේ මේ ගෙදර තියෙන ස්ට්‍රෝ රූම් එක. එකේ කොනක තිබුණ මේසේ තිබුණේ විද්‍ය උඋපකරණ වගයක්. අභින්ස නම් ඒවා මොනවද කියලා දන්නේ නෑ. කොහොම ත් පොර ට OL science වලට තියෙන්නේ B එකක් ඒක ගන්න කාපු කට්ට දන්නේ අභින්ස විතරයි. කොහොම හරි දැන් පැයක විතර ඉදලා තූර්ය ලොකු වැඩක මොනවද මන්දා දිය කර කර හදනවා. අභින්ස නම් ආව වෙලේ ඉදලා fb එකේ උඩට පහලට යනවා. කීයටද හරි තූර්ය එයාගේ ඔය වැඩ ටික ඉවර කරලා එයාට අවදානය දෙයි කියලා හිතාගෙන.
YOU ARE READING
Walathuru ✅
TeenfikceGood things might just happen when you least expect them to be... ☁️🌲 Cover by : @Miku cover shop