Chapter 03

299 36 2
                                    

ලක්කාගේ මනෝ උපදේසනේ සේවාව එක්ක සති දෙකක් විතර සුපුරුදු විදියට ගෙවිලා ගියා. ඔය අතරේ උන එක්තරා විශේෂ සිද්ධියක් තමා අපේ ලක්කට මල්සරා විදපු එක. ඒ සීන් කෝන් එක උනේ මෙහෙමයී හරිද.

අපේ ටෙක් එකේ මේ පාර ඒලෙවල් ලියන අයියලා අක්කලා ටික පොඩි එක්සිබිශන් එකක් ඕගනයිස් කරල තිබුනා. අපිත් ඉතින් ඕකට ගියා පොඩ්ඩක් හොම්බ දාලා එන්න. ඊට පස්සේ ඔය ටෙක් එකේ හිටපු අයියා කෙනෙක් දැහැන් ගත වෙලා වගේ අපේ මේ ලක්කා දිහා බලන් ඉන්න ගත්තා. මම ඕක ඌට පෙන්නුවා. බැලින්නම් පොර ඌව දන්නවා. දෙන්නා පරිසර නියමු එකේ ඉද්දි එකට වැඩ කරල තියනවලු. කොහොමහරි ඉතින් එදා ජෝඩුව කතා බහ කලා. මම නිසාහොදයි ඉතින්. මූ දැක්කේ නැ අරූ මුගේ දිහා බලන් ඉන්නවා. කොහොමින් කොහොමහරි දැන් දවස් දෙක තුනකට කලින් පොර අපේ ලක්කගෙන් ආස්ක් අවුට් කරල තිබුනා. හරිනේ දැන් සිරිමල්... තෝ තමා තනිකඩයා... සැක් උබ අන්තිමට පොතටම දියවෙලා යයි අම්මා කියන්න වගේ... එනිවේ දැන් කපල්ලෙක සෙට්... ඉදල ඉදල මගේ මොට්ට සිමයියා කර ගහගත්තේ එසේ මෙසේ එකෙක් නෙවෙයි. ඌ තමා ටෙක් එකේ බෙස්ට්ම රිසල්ට් දාවී කියල මිස්ලා සර්ලා බලන් ඉන්න කෙනා. ඌ ටැලන්ටඩ් පොරක්... ආ ආ ආ අමතක උනානේ ඌ මූ කීවට ඌට නමක් තියනවානේ. ඌගේ නම නිලුපුල් ආශිංසන බණ්ඩාර. ඉතින් මගේ හිතාදර මස්සිනා පොඩ්ඩ අපේකාට වඩා අවුරුදු තුනක් වැඩිමල්. අපේ එකා මහ දොන්තයා වගේ අරු අස්සේ හුරතල් වෙන්නේ. මූ මට තමා සේරම අලි පාට් දාන්නේ. මම ඉතින් ඉදල හිටලා නිලුපුල් අයියා ඉස්සරහ මුගේ රෙදි ලෙප්ට් කරන අවස්තාද නැතුව නෙවෙයි. මොනා උනත් නිලුපුල් අයියා මටත් හෙන ආදරෙයි.... ආදරෙයි කියන්නේ මේ ඒක සහෝදර මෙව්වා එක හොදේ... අනේ මට නං ඒ පොල්කාවයියා එපා මගේ හිතේ ඉන්න කේප්ප වස්සා විතරයි ඕන හුහ්... මගේ අවංක හිත් පොජ්ජට අනුව නං මට හිතෙනවා ලක්කට නං ලැබිලා තියන්නේ ගැලපෙනම කෙනා කියලා. හැබැයි පොඩි අවුලකට තියන්නේ දෙන්නගෙම කටවල් වලට බ්‍රේක් නැ. වාචාලයෝ දෙන්නා වගේ කියවන්න ගත්තම.

ඒ ලව් ස්ටෝරියත් හරි... දැන් බැක්ටු ටොපික්... මගේ කතාවේ පණයි ඔයා කියලා මම මේ කියන්න හදන්නේ පොඩ්ඩක් සතුටු හිතෙන දෙයක්. ඒ තමා මගේ හිතේ ඉන්න පොල් කාවයියා මාත් එක්ක අපේ අනිත් orchestra මෙම්බර්ස්ලට වඩා ක්ලෝස්ලි ආශ්‍රය කරනවා.. මටත් ඉතින් හැපි හැපි හැපීඊඊඊ.... ඒ උනාට ලක්කා කිව්වා වගේ මම වැඩිය බලාපොරොත්තු තියාගන්නැ. එයා එහෙමකරනවා ඇත්තේ යාලු ෆිට එකට වෙන්න ඇති. අනික මම කියන දේ අහන ගුනයහපත් ලමයක්නේ.

Aster Monarch (කැළෑමලට ආදරෙන්) Where stories live. Discover now