Chapter 15

354 47 78
                                    

Thehas POV

හැමදෙයක්ම වෙලා අදට දවස් තුනක් වෙනවා.. හුස්මක වේගේන් ඒ දවස් තුන ගෙවිලා ගියේ මගේ ඔලුවත් කම්මලක් වගේ වෙලා තියෙද්දි.. ඒත් එක්කෙනෙක් හිටියා.. කම්මලක් වෙච්ච මගේ මනස ඒ මූණ දැක්ක ගමන් සැනසෙන්නේ ඇයි කියන්න මන්වත් දන්නේ නෑ..

විකාර කතා කිය කිය එයත් හිනාවෙවී එයා එක්ක ඉන්න අපිවත් හිනාගස්සන්න එයාට පුලුවන්.. ඒවගේම ඇවිලි ඇවිලි තියෙන මගේ හිත නිවලා දාන්නත් ඒ මන්දාකිණියක් තරම් මායාකාරී ඇස් දෙකට පුළුවන්..

අදත් සාමාන්‍ය දවසක්.. මං සුපුරුදු විදිහටම උදේම නැගිටලා දත කට මැදගෙන යුනිෆෝම් එක ඇදගෙන කොලර් එකෙන් බැජ් එකත් ගහගෙන බෑග් එක දකුණු කරට දාන් අනාථ නිවාසේ ගේට්ටුවේන් එලියට බැස්සේ බස් එක බලාපොරොත්තුවෙන්..

හිතුවා වගේ විනාඩියක් යන්නත් කලින් සිසුසැරිය ඇවිත් ගේට්ටුව ගාවින් නවත්තද්දි ගේට්ටුව ගාව බස් එක එනකන් රැදිලා හිටිය අනික් ළමයි ටිකත් පොරකාගෙන බස් එකට නැග්ගා..

බස් එකේ පලවෙනි නැවතුම වෙන්නේ මෙතන නිසා ඕනතරම් ශීට් තියන නිසා වගේම අන්තිම ශීට් එක වෙන්වෙලා තියෙන්නේ අපිට කියලා කට්ටිය දන්න නිසාත් මං හැමෝටම බස් එකට ගොඩවෙන්න ඇරලා බස් එක අද්දන්න ඔන්න මෙන්න තියෙද්දි බස් එකට නැගගත්තා..

මේ අනාථ නිවාසේ ඉන්නවා එක එක වයස් වල අම්මා තාත්තා නැතුව අසරණ වෙච්ච දරුවෝ හැටකට කිට්ටු වෙන්න.. ඒ අතරින් වැඩිමල්ම කෙනා මම වෙද්දී ඒ හැමෝම මට කතා කලේ අයියා කියලා..

'අයියා' කියන වචනෙත් එක්ක අමුතු වගකීම් ගොඩක් මටත් නොදැනිම මගේ උර මත මේ වෙද්දි ගොඩගැහිලා ඉවරයි.. මේ පුන්චි එවුන් සමහරවෙලාවට මගේ ගාවට දුවගෙන ඇවිත් අමාරු පාඩම් අහගන්න, රන්ඩු උනාම ඇවිත් කේලම් කියන්න, කන්න දෙයක් හම්බුනොතින් මටත් පුන්චිම හරි කොටසක් දෙන්න කවදාවත් අමතක කලේ නෑ..

සහෝදරයෝ නැති මගේ ජීවිතේට සහෝදර බැඳීමක තියෙන වටිනාකම තේරුම් කරලා දෙන්නේ මේ පුන්චි එවුන්.. මං මුන්ට හරි ආදරෙයි..

මං බස් එකට නගිද්දි ඔක්කොමලා ශීට් අල්ලන් ජනෙල් අයිනට ගුලිවෙලා ඉදගෙන හිටියේ.. මම බස් එකට නැගලා පිටිපස්සටම ඇවිත් ඒ ශීට් එකෙන් ඉදගත්තා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now