Author POV
නොදැනිම හෙමින් සීරුවේ දවස් තුනක් ගතවෙලා ගිහින් තිබුණ... නැවත පාසල් පටන් ගන්න දිනයත් නිවේදනය වෙද්දි අනුරාධපුරයේ වටයක් ආපු යළුවෝ පස් දෙනා අනිද්දට ආපහු කොළඹ යන්න තීරණය කරලා තිබුණා...
ගෙවුණු දවස් කිපය ඇතුලත නෙතුන් යාලුවෝ එක්ක ගම වටෙයි නගරේ වටෙයි බයික් වල හැමතැනම ඇවිදින්න ගත්තේ ආයේ මේවගේ චාන්ස් එකක් කවදා එයිද කියල නොදන්න නිසා...
නෙතුන්ගේ දෙමාපියන්ගෙන් උනත් ඒකට තහංචි නොවැටුනෙත් ඒ නිසාමයි... බයික් වල ගමනට නෙතුන්ගේ අම්මා තරමක් අකැමැති උනත් නෙතුන්ගේ අප්පච්චි මැදිහත් වෙලා අම්මාව පිරිමහගත්ත නිසා කොල්ලො ටිකට තහංචි වැටුණේ නෑ...
නෙතුන්ගේ අප්පච්චි නිතරම කිව්වේ,
"තරුණ කාලේ ඔව්වා නොකර නාකි උනාම කරන්නද...?"
නෙතුන්ගේ තාත්තා සාමන්යෙන් වැඩට ගියේ එයාගේ බයික් එකේ උනත් මේ ටිකේ එයා එයාගේ කා එකෙන් ගමන් බිමන් ගියේ බයික් එකක පහකට යන්න බැරි නිසා.... නෙතුන්ගේ වගේම අප්පච්චිගේ බයික් එකෙන් තමා කොල්ලො සෙට් එක රව්ම් ගැහුවෙ... ගෙදර කා එකක් තිබ්බත් බයික් වල යන ආතල් එකේ ඒකේ නෑ කියලා කට්ටිය බයික් එකේම ගමන් ගියා...
මේ දවස් තුන ඇතුලෙදි නෙතුන් තෙහස් යුවල එකම කාමරේ එකම ඇද බෙදාහදගත්තත් එකිනෙකට තුරුල් වෙල ඒ උනුහුම අස්සේ නිදි සුව හොයනව ඇර වෙන දෙයක් උනේ නම් නැ... එකට තුරුල් වෙලා නිදාගන්න අවස්තා ලැබෙන්නෙත් හරිම කලාතුරකින් නිසා ඔව්න් ඒ අවස්තාවේ උපරිම ප්රයෝජනය ගත්තේ ඇදේ කොච්චර ඉඩ තිබුණත් නෙතුන් ගිහින් කාන්දම වගේ තෙහස්ගේ ඇගේ ඇලිලා...
අද සිකුරාදා දවසක්... පෙරේදා දවසේන් යාලුවෝ ටික පොසොන් ගමන් ඉවර කරත් නෙතුන්ගේ අම්මයි තාත්තයි අද හවසට පොසොන් කඩ පැත්තේ ඇවිදල එන්න හිතාගෙන හිටියේ... ඒක ඇහුවා විතරයි පෙරේදා පොසොන් කඩ ගිහින් ලොකු රබර් ඩයිනසෝ කෙනෙක්ට රුපියල් දෙදහක් වියදම් කරලා සල්ලි නැ කියල පොලොවෙ පස් කෑව ශෙවෝනුත්, ඒ එක්කම හිමාශත් යෙනුලුත් නෙතුන්ගේ අම්මලා එක්ක අදත් ඒ පැත්තේ යන්න ඉහ උඩින්ම කැමති උනා...
YOU ARE READING
Bloody Moon - Taekook Nonfic
WerewolfWerewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power) Bottom - Kook - Nonfic - Sinhala #1 in Nonfic ❤️ මෙය හුදෙක් රසාස්වාදය සඳහා නිර්මාණය වන බවත්, මෙහි ඇති නම්,ගම් සියල්ල මා විසින් කතාවට අනුරූපී...