Chapter 32

334 53 162
                                    

Author POV

දවස් තුනක් ගත වෙලා ගියා.. ඒ දවස් තුන හැම කෙනෙක්ටම වගේ සාමාන්‍ය දවස් තුනක් උනත් නෙතුන්ට ඒ දවස් තුනෙන් එක දවසක්වත් සාමාන්‍ය උනේ නෑ..

එදා පාලම උඩදි අහම්බෙන් දැක්ක දෙයින් පස්සේ නෙතුන් හිනාවෙලා හිටියේ කට්ටියක් එයා වටේට ඉදිද්දි විතරයි.. අනිත් තනිවෙන හැමවෙලාවකම ඒ හිතේ එක එක දේවල් හොලමන් කරද්දි ඒ සිතුවිලි ඉවර උනේ අකීකරුව වැටෙන කදුලු බින්දු කීපෙකින්..

එදා පාලම උඩදි නෙතුන් තෙහස් පස්සේ පැන්නුවේ නෑ.. මොකද මෙතන කරන්නේ මොකක්ද වෙන්නේ මේ කිසි දෙයක් එයා ඇහුවේ නෑ.. අහන්න ඕන උනත් ඇහුවේ නෑ.. එහෙම අහන්න තරම් ශක්තියක් ඒ හිතට තිබුනෙත් නෑ..

තෙහස් නොපෙනී යනකන්ම ඒ දිහා හැන්ගිලා බලන් ඉදපු නෙතුන් ඉක්මන් කරලා කඩේට ගිහින් බඩු ටික අරන් ආයේ ගෙදර එන්න ආවේ දැන් මැසේජ් එකක් එයි දැන් කෝල් එකක් එයි කියන විශ්වාසෙන් විනාඩියෙන් විනාඩිය ෆෝන් එක චෙක් කරන ගමන්මයි..

ඒත් තෙහස් ගෙදරට ගිහින් අතට ෆෝන් එක අරන් නෙතුන්ට කතා කලේ නෙතුන් කාමරේට වෙලා දනිස්ස අස්සේ මූන ඔබන් ඉන්න අතරකයි..

මූන හිනාවකින් සරසන් නෙතුන් කෝල් එක ආන්සර් කරත් ටිකෙන් ටික ඒ මූනේ තිබුනු හිනාව නැතිවෙලා ගියේ තමන්ට ඕන කාරනාව ගැන තෙහස් කතා කරන්නේ නැති නිසා.. නෙතුන් හිතුවෙම තමන් අහන්න කලින් තෙහස් එයාට ඒ ගැන කියයි කියලා උනත් ඒ ගැන කිසිම දෙයක් නොකියපු තෙහස්ගෙන් නෙතුන් මොනාද පාඩම් කලේ කියල ඇහුවම තෙහස් පාඩම් තුනහතරක් කියාගෙන ගියා..

අවසානේ කෝල් එක කට් උනාම නෙතුන් ලොකු හුස්මක් පාත දාලා ආපහු දනිස්ස අස්සේ මූන ඔබාගත්තේ එදා දවසේ දෙවෙනි වතාවටත් ඒ ඇස් කදුලෙන් තෙත් වෙද්දි..

ඒ ගැන කෙලින්ම අහන්න තමන්ට කොයිතරම් පුලුවන් කමක් තිබුනත් ඒක තමන්, තමන්ගේ ආදරවන්තයාව අවතක්සේරු කිරීමක්,අවිශ්වාස කිරීමක් විදිහට නෙතුන් දැක්කා.. ඒනිසාම තෙහස් ඒ ගැන කියනකන් නෙතුන් දවස් තුනක් බලාගෙන හිටියා..

ඒවගේම ඒ දවස් තුන ඇතුලත නෙතුන් හැමදාම ඒ පාලම ගාව ඉදන් තෙහස් දිහා බලන් හිටියා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now