Chapter 33

327 54 113
                                    

"අද හවස පහ වෙනකොට හැම කෙනෙක්ම සුදු ශර්ට් එකයි කලු ට්‍රව්සර් එකයි ඇදගෙන අපි කිව්ව කෑම බීම ටිකත් අරගෙන ගේට් එක ගාව ඉන්න ඕනේ.. ඊයේ තිබ්බ දෙමාපිය රැස්වීමෙදිත් අපි ඔයාලගේ භාරකරයන්ව මේ ගැන දැනුවත් කලා.. පහ හමාර වෙද්දි අපි ගේට් එක වහනවා.. හෙට උදේ අටට ඔයාලව එක්ක යන්න එන්න කිව්වහම ඇති.. අනිත් දේ තමා මතක ඇතුව කාඩ් එක අරන් එන්න.. ඒක නැතුව ඔයාලව ඇතුලට ගන්නේ නෑ...

හරි එහෙනම් දැන් පන්ති වලට යන්න පුළුවන්.. හැමෝම හවස හමුවෙමු.."

විද්‍යාව අංශේ භාර සර් අපි හැමෝටම ඇහෙන්න කිව්වම නිල්,සුදු,කළු පාටින් සරසලා තිබ්බ මේන් හෝල් එක දිහ බල බලාම අපි එලියට ආවා.. මේන් හෝල් එකේ දොර ගාව 'Star Camp 2024' කියලා ගහලා තිබුණා..

"ඇහුනනේ උබලා වෙලාවට වරෙල්ලා ඈ විශේෂෙන් ශෙවෝන් තෝ තමා පරක්කු වෙන්නේ හැමදාම.."

"හරි හරි පහට නාවත් පහයි විසි නවයයි තප්පර පනස් නවය වෙද්දි කොල්ලා ඇතුලේ"

"ඇයි උබ ෆ්ලෑශ්ද"

"උබට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනේ"

"ඇයි ඇයි දැන් උබ මොකක්ද කියන්නේ"

"ඇයි උබ මට ගහන්නද"

"ඇට රිලවා තොට අද මම!!"

මං කෑ ගහගෙනම ශෙවෝන්ගේ ඇගට පැන්නම ඌත් මගේ කොලර් එකෙන් අල්ලගත්තා..

"අතෑරපන්!"

"මට බෑ උබ අතෑරපන්!"

"ඇයි උබ බයද!?"

අපි දෙන්නා කොලර් දෙකෙන් අල්ලන් කෑගැහුවත් කිසි කෙනෙක් අපිව ගනන් ගත්තේ නෑ.. මොකද මේ වගේ කිසි වැඩකට නැති දේවල් වලට අපි දෙන්නා සාමාන්‍යෙන් දවසට තුන් පාරක් විතර රන්ඩු වෙනවා.. හැබැයි ඒ රන්ඩු ඉවර වෙන්නේ බඩ පැලෙන්න හිනා උනාට පස්සේ..

දැනුත් මට් මුගේ මූන දකිද්දි හිනායන්න ආවත් මං කාගෙන හිටියා.. හිමාශයි තෙහසුයි තාම ඇතුළේ.. ඒ දෙන්නා ඉද්දි අපිට මෙහෙම වලි දාගන්න දෙන්නෑ.. අපි දෙන්නට දෙකක් දීලා එයාලා අපිව කරේ ගහන් අරන් යනවා..

"ඒයි ඒයි! නෙතුන්! ශෙවෝන්! මොකද උබලා දෙන්නට වෙලා තියෙන්නේ!"

මරන් කන්න වගේ අපි දෙන්නා ඔරවන් බලන් හිටියත් එකපාරම හිමාශගේ කටහඬ ඇහුනම අපි අපේ කොලර් අතෑරලා දැම්මා.. මං පට ගාලා ශෙවෝන්ගේ කරෙන් අතක් දාගෙන දත් සෙට් එක එලියෙ දාන් හිනාවෙන්න ගත්ත ශෙවෝනුත් ඒ විදිහටම ඉද්දි..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now