Nethun POV
"ඒක තෙහස්ගේ ජීවිතේට බලපෑමක් නෙවෙයිද හිමාශ!?"
"හෝව් හෝව් කලබල වෙන්න එපා.. ඔව් ඒක ත්‍රෙඩ් එකක් තමයි.. අපි පුලුවන් ඉක්මනින් ඌව බේරගන්න ඕනේ.."
ආවේගෙට මං කෑගහලා කියනකොට හිමාශ මටත් වඩා හයියෙන් කෑගැහුව..
මීට විනාඩියකට කලින් මං හිටියේ මෙහෙම නෙවෙයි... තෙහස් ඉන්නේ ලිතුල්ගේ මායාවකට අහුවෙලා, තෙහස් තාම ආදරේ උබට කියන වචන ටික හිමාශගෙ කටහඩෙන් පිටවුනු වෙලේ මේ ලෝකේ ඉන්න සතුටුම මනුස්සයා උනේ මම..
පහුගිය දවස් වල විදෙව්ව තරමටම මගේ සතුට ඉහ වහා ගියත් අනිත් අතට ලිතුල් කියන්නෙ ලුසිෆර්ගෙ කටු කන බල්ලෙක් කියලා හිමාශ කිව්ව ගමන් මගේ සතුට උපන් ගෙයිම වැලලුණා..
මට සතුටුයි.. සැනසීමයි.. මොකද එයා තාමත් හිත යටින් ආදරේ මට නිසා..
ඒත් මෙතන එයාගේ ජීවිතේට ලොකු තර්ජනයක් තියනව කියලා මට තේරුණාම මම කොහොමද සතුටු වෙන්නේ...?
එතනින් පස්සෙ මගෙ මොලේ වැඩේ කරේම තෙහස්ව බේරගන්න පුලුවන් ක්‍රමයක්..
"හරි ඒත් කොහොමද...?"
මන් හිමාශ දිහා බලලා ඇහුවම හිමාශ ඉදන් හිටිය පුටුවත් ඇදන් ඇදට ලන් උනා..
මොකද මම හිටියේ ඇදේ ඉදගෙන.. ශෙවෝන් මට එහාපැත්තේ යෙනුල් මට මෙහාපැත්තේ..
"උට උබේ ආදරේ දැනෙන්න අරින්න ඕන..."
"ඌ මූ දිහා බලන්නෙවත් නැති කොට මූ කොහොමද උට අරින්නෙ?"
"ශෙවෝන්!!"
බලපන්.. ඉදල ඉදල මේ ගෝතයා කිව්ව කුපාඩි කතාව.. යකො සීරියස් වෙලාවකවත් මුට කට කන්ට්‍රෝල් නෑනේ... මන් කොට්ටයක් අරන් උට දමල ගහලා හිනාවෙන යෙනුල්ටත් අනික් කොට්ටෙන් ගහලා දෙන්නව දෙපැත්තට තල්ලු කරා..
"ඔයා කියන්න හිමාශ.."
"උට පුලුවන් තරම් අපි පරණ දේවල් මතක් කරන්න ඕනේ.. පරණ ආ ගිය තැන්, විශේෂ මතක වගේ දේවල්.. එහෙම තමා රැජිණිය කියලා තිබ්බේ..."
හිමාශ කිව්වම මන් හුස්මක් පාත දාලා නළල මිරිකගත්තා..
"රැජිණියත් බයෙන් ඇත්තේ.."
YOU ARE READING
Bloody Moon - Taekook Nonfic
WerewolfWerewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power) Bottom - Kook - Nonfic - Sinhala #1 in Nonfic ❤️ මෙය හුදෙක් රසාස්වාදය සඳහා නිර්මාණය වන බවත්, මෙහි ඇති නම්,ගම් සියල්ල මා විසින් කතාවට අනුරූපී...