Chapter 34

283 43 70
                                    

Nethun's POV

එදා ස්ටා කෑම්ප් එකෙන් පස්සේ හැමදේම හොදින් ගෙවිලා ගියා.. දැන් සතියක් වෙන්නත් එනවා..

මං රෑ කෑම කාලා නැන්දටයි මාමාටයි වැඳලා කාමරේට ගිහින් ඇදට පැන්නේ සන්සුන් හිතෙන්..

ඇත්තටම මේ දවස් ටික හරි ලස්සනයි, ආදරණීයයි.. ඒත් වෙලාවකට බයයි.. කුණාටුවකට කලින් පරිසරයත් හරි සන්සුන් කියනවනේ..

මං ඇදේ පෙර්ළිලා එහෙම්ම බැලුවේ ඇරලා තියෙන ජනේලෙන් පේන හඳ දිහා.. පොසොන් පෝය ළඟ නිසා හඳ සම්පූර්ණ වෙන්න ළගයි.. පොසොන් එකට තව සතියක් වගේ තියෙන්නේ.. ලගදිම ස්කෝලත් නිවාඩු දෙයි.. පොසොන් එකට ගෙදර යන්නත් ඕනේ...

අවුරුදු,වෙසක් ඔය දෙකටම මං තනියෙන් ගෙදර ගියත් මේපාර අපේ සෙට් එකවත් එක්කන් යන්න මං කැමති කරවගත්තා.. ඔව් ඔව් මේ පාර මං විතරක් නෙවේ.. මම,තෙහස්,ශෙවෝන්,හිමාශ,යෙනුල් අපේ ඔක්කොම මං එක්ක අනුරාධපුරේ යන්න කැමති උනා.. මොකද වෙසක් තියෙන්නේ කොළඹ උනාට පොසොන් තියෙන්නේ අනුරාධපුරේ කියන්න සෙට් එක දන්නවා.. එහෙට සතියක් විතරම පොසොන්.. දන්සල්, කානිවල්,කූඩූ ගැම්මක් තමා..

වැඩේ කියන්නේ අපේ සෙට් එක කැමති කරගත්තට මං තාම අම්මට මේ ගැන කීවේ නෑ.. එයාට නොකියා හොරෙන් එක්ක යන්න බෑනේ... කොහොමත් මේ අම්මට කෝල් ගන්න වෙලාව.. අද කියනවා කියලා හිතන් කොට්ටේ එහාපැත්තේ තිබ්බ ෆෝන් එක අරන් මං අම්මට ඩයල් කරලා කනෙන් තියාගත්තා..

රින්ග්ස් දෙකක් විතර යනකොට අම්මා ආන්සර් කලා..

"අම්මේ"

"සුදුමහත්තයා මොකො කරන්නේ කෑවද"

"ඔව් මන් කෑවා.. ඔයාලා කෑවද"

"අපි කෑවා පුතේ.."

"හ්ම්ම් මේ අම්මේ.. මට දෙයක් කියන්න තියෙනවා.."

මං යටිතොල හපන් කිව්වා..

"ම්ම් කියන්නකො බලන්න මටත් පුතාට කියන්න දෙයක් තියනවා.."

"හරි මුලින් මං කියන්නම්"

"හරි කියන්නකෝ"

මං හුස්මක් පාත දාලා ඇදේ වාඩිවෙලා කකුල් එරමිණියා ගොතා ගත්තා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now