"අනේ තෙහස්.... උබ මගේ වස්තුව කියලා එකපාරක් ඇවිත් මාව තුරුල් කරගනින්.... මට හරි මහංසි බං.."
.
.
.
Nethun POV
"හසරැල්......"
"හසරැල්......."
"ඕයි""අහ් කි-කියන්න ශෙවෝන්..."
මගේ උරහිසකට වැදුණු පාරෙන් මං ගැස්සිලා පියවි සිහියට එද්දි ඉනටත් අත් දෙක තියාගෙන මගෙ ඉස්සරහ හිටන් හිටියෙ ශෙවෝන්..
මම ශෙවෝන්ගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඌ දිහා බලන් ඉද්දි ඌ මට ගහන්න වගේ අත උස්සලා ඔලුවට පොඩි පාරක් ගහලා මගේ එහාපැත්තෙන් බිම වැල්ලෙන් ඉද ගත්තා..
මන් ඇස් කොනෙන් දැක්කා හිමාශයි යෙනුලුයි වැල්ලේ කොනක පොඩි ගිනිමැලයක් ගහලා ඒ වටේට ඉදගන්න මොනාදෝ බිමින් එලනවා..
"ශෙවෝන්...... ගිටාර් එක අරන් වරෙන් කා එකේ ඇති......"
"හරි යෙනුල් මන් ගේන්නම්"
ගිනි ගොඩට පිඹින ගමන් යෙනුල් ශෙවෝන් දිහා බලල කෑගැහුවම ශෙවෝනුත් ආපිට කෑගහලා ඉස්සරහ හැරිලා මුහුද දිහා බලාගත්තා...
හවස් යාමය උදාවෙලා ඉරත් මුහුද එක්ක එකට මුහු වෙද්දි අහස ටිකෙන් ටික අදුරු වෙන ගමන් තිබ්බා.. වෙලාව හවස හය හමාර පහු ඇති... මේ වෙනකොට සෙනඟ අඩුයි.. මොකද සාමාන්‍යෙන් හුලන් ගහන කාලෙට හවස හයෙන් පස්සෙ මුහුදේ රැල්ල පාගන්න දෙන්නෑනේ...
මමත් ශෙවෝන් වගේම ඉස්සරහ බලාගත්තා...
"තෙහස් එන්නම් කියලා.. හිමාශ කැමති කරවගෙන..."
මට ශෙවෝන්ගේ හීනි හඬ හුලඟ කපාගෙන එහාපැත්තෙන් ඇහුනම මම ලාවට හිනා උනේ හිනා නොවී බැරිකමට වගේ...
"ලිතුලුත් එයි.."
"ඔව්... ඒ තෙහස්ගේ බෝයිෆ්‍රෙන්ඩ්නේ..."
මම කටකොනෙන් හිනාවෙන ගමන් කින්ඩියට වගේ කිව්වම ශෙවෝන් මගේ දිහාට හැරුණා....
"ඕක අමතක කරලා දාපන් බං... ඌ අරූට අහුවෙලානේ ඉන්නේ.. හරි ඌ එවෙලේ කන්ෆියුස් වෙන්නැති ඒකයි එහෙම කියන්න ඇත්තේ..."
"මට වැඩක් නෑ"
"අප්පො උබත් එල්ලෙන්නමයි බලන් ඉන්නේ..."
YOU ARE READING
Bloody Moon - Taekook Nonfic
WerewolfWerewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power) Bottom - Kook - Nonfic - Sinhala #1 in Nonfic ❤️ මෙය හුදෙක් රසාස්වාදය සඳහා නිර්මාණය වන බවත්, මෙහි ඇති නම්,ගම් සියල්ල මා විසින් කතාවට අනුරූපී...