Chapter 36

320 47 37
                                    

"නෙතුන්! දැන් මේ පස් වෙනි සැරේට කියන්නේ ගනින් ඔය ඔලුව ඇතුලට!"

"සුදු මහත්තයා! මාත් මේ පස් වෙනි වතාවට කියන්නේ මට බෑ...........!"

මං බෙල්ල එලියට දාගෙනම කෑගැහුවා..

අපි මේ බස් එකේ අනුරාධපුරේ යන ගම්න් ඉන්නේ.... පෝය දවසෙ යමුයි කිව්වම සුදුමහත්තයාට ඇඩුනා... පස්සේ තමා මීටර් උනේ මටත් එයාට හද පායනකොට ඩාං ඩූං වෙනව කියලා... ඊටපස්සේ දැන් මේ පෝයට පහුවෙන්දා අපි උදේ පාන්දරම බස් එකට නැග්ග...

මායි තෙහසුයි ශීට් දෙකේ එකක ඉදගනිද්දි අරුන් තුන් දෙනා අපේ එහා පැත්තේ තිබ්බ ශීට් තුනේ එකේ ඉදගත්තා...

පැන්න ගමන් මං ජනේලේ ගාව ශීට් එක අල්ලගත්තම එයා බෑග් ටික උඩ රාක්කෙන් දාලා මගේ එහාපැත්තෙන් ඉදගත්තා..

මං ඉතින් ගමන පටන් ගත්ත වේලේ ඉදන් සැරින් සැරේ බෙල්ල එලියට දාගෙන කොන්ක්‍රීට් වනාන්තරේ පහු වෙලා ගස් කොලන් පේන විදිහ බලන් ඉන්නකොට එයා දැන් ඔය කිව්වත් වගේ කීප සැරයක්ම මට සැර කරත් මං ගනන් නොගෙනම බෙල්ල එලියට දාන් හිටියේ...

කුරුණෑගල...

පහු වෙච්ච ෆුඩ් සිටි බෝඩ් එක්කින් මං බැලුවා... තව පැය දෙකක් තුනක් යයි.....

"නෙතුන්!"

"මොකද අනේ කෑගහන්නේ!"

ඉන්නෙ කොහෙද බලන්න මං බෙල්ල තවත් එලියට දාපු පාර මගේ ශීට් එකෙන් ඉස්සිච්ච පුපට පාරකුත් ගහන ගමන් එයා කෑ ගැහුවම මං ශීට් එකේ ඉදගෙන ඔලුව ඇතුලට අරන් රවල එයා දිහා බැලුව...

ඉන්නෙ කොහෙද බලන්න මං බෙල්ල තවත් එලියට දාපු පාර මගේ ශීට් එකෙන් ඉස්සිච්ච පුපට පාරකුත් ගහන ගමන් එයා කෑ ගැහුවම මං ශීට් එකේ ඉදගෙන ඔලුව ඇතුලට අරන් රවල එයා දිහා බැලුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කමාවෙන්න නෙතුන් මේක මතක් වෙන එක මට නවත්තගන්න බෑ 🥹😂)

"මොකද උබ රවන්නේ!"

"රවන්නේ!? රවන්නේ දෙකක් ඇනගන්න බැරි නිසා..!"

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now