Vote goal - 25
Author POV
"හතයි එකයි"
"හ්ම්ම්"
තෙහස් ෆෝන් එකෙන් වෙලාව බලලා තුන් වෙනි පාරටත් කිව්වම හිමාශ කලේ හ්ම්ම් කියලා මුමුනලා ඔලුව උඩ පහල කරපු එක විතරයි..
ඒ දෙන්නා මේ වෙනකොට හිටියේ ඩිනර් ගන්න කියලා ආපු රෙස්ට්‍රොන්ට් එකේ වොශෲම් එකේ.. ශෙවෝන්ටයි නෙතුන්ටයි කෑම ඕඩර් කරන්න කියලා ඒ දෙන්නා ශරීර කෘත්‍යක් ඉටු කරගන්න ඕනේ කියලා බොරුවක් කියලයි මෙතෙන්ට ආවේ..
සැරින් සැරේ එකට ඇතිල්ලෙන අත් දෙක,එහෙ මෙහෙ යන ඇස් දෙක දැක්කම හිමාශ ඉන්නේ කලබලෙන් කියලා තෙරුම්ගන්න තෙහස්ට වෙන දේවල් ඕනේ උනේ නෑ..
"උබ බය නොවී ඉදපන්"
"උබ කිව්වට මට බයයි බන්.. දැන් කීයද..?"
"හතයි තුනයි"
"තව විනාඩියයිනේ...."
හිමාශ කෙදිරිගෑවම තෙහස් හුස්මක් පාත දාලා හිමාශගේ පිටට පොඩි තට්ටුවක් දැම්මා..
හතයි හතර වෙනකන් හිමාශ හිටියේ බයෙන්.. හිමාශට හරි අදහසක් තිබුනේ නෑ ශෙවෝන් එයාගේ මේට් වෙයිද නොවෙයිද කියන එක ගැන.. ඊටත්වඩා බැරිවෙලාවත් ශෙවෝන් එයාගේ මේට් නොවුනොත් මොනවද කරන්නේ කියන එක ගැනත් හිමාශට හරි අදහසක් තිබුනේ නෑ.. මොකද හිමාශ හිටියේ කලබල වෙලා..
"හිමාශ.. වෙලාව හරි.. හතයි හතරයි.."
"හ-හරිද..?"
"ඔව් උබට මුකුත් වෙනසක් දැනෙනවද"
තෙහස් හිමාශගේ මූනට එබිලා ඇහුවත් තෙහස් දැක්කා ඒ ඇස් අදුරුවෙලා ගිය ඉක්මන..
තෙහස්ව පැත්තකට තල්ලු කරලා දාපු හිමාශ පිස්සුවෙන් වගේ වාතලය ඉව කරන්න ගත්තේ තෙහස්වත් පුදුම කරවලා..
හැම අතටම හැරි හැරි හිමාශ මුලු හැමතකම ඉව කරේ විශේෂ සුවදක් දැන් දැනෙයි දැන් දැනෙයි කියලා බලාපොරොත්තුවෙන් උනත් කිසිම විදිහක විශේෂ සුවදක් නොදැනෙද්දි ඒ හිතේ තිබ්බ බලාපොරොත්තුව,සතුට ටිකෙන් ටික නැතිවෙලා ගියා උනත් තමන්වම රවට්ට රවට්ට හිමාශ පිස්සුවෙන් වගේ හැමතැනක්ම හොදට ඉව කලා..
YOU ARE READING
Bloody Moon - Taekook Nonfic
WerewolfWerewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power) Bottom - Kook - Nonfic - Sinhala #1 in Nonfic ❤️ මෙය හුදෙක් රසාස්වාදය සඳහා නිර්මාණය වන බවත්, මෙහි ඇති නම්,ගම් සියල්ල මා විසින් කතාවට අනුරූපී...