🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔
........
09.04.2019
එදින සඳුදා දිනයක් විය. වන්ග් යීබෝ හැමදාම මෙන්ම අදත් පරීක්ෂණයේ නියැලි සිටි.
ඔව් මෙවර පරීක්ෂණය අත්හදා බැලීය. මෙවර සියලු බල්බ එකවර දැල්වී ඔරලෝසුව ක්‍රියාත්මක විය.
ඔහු පරිගණකය දෙස මවිත වී බලා සිටියේය.
' මෙවර මා සාර්ථක වෙයිද? '
" ඔව් ඒක හරි ගියා" යීබෝ ප්‍රීතියෙන් බෙරිහන් දුන්නේය.
පරිගණකය හා සම්බන්ධ කර තිබු අඟුල සහිත දොරක්. එය වටේට තිබු හතරැස් බිත්තියක්. පරිගණකය ළඟම තිබුණ රතු, කොළ, නිල් බල්බ තුන.
මෙය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද බැලීමට ඔහුට අවශ්‍ය විය.
එබැවින් ඔහු පරිගණකය තුල තමන්ට අවශ්‍ය වෙලාව සකසා දොර වෙත ගියේය.
වර්තමාන වේලාව - 9.12am.
ඔහු විනාඩි අටක් ඉදිරියට යෑමට අදහස් කළේය.
ස්විචය ක්‍රියාත්මක කර වේගයෙන් කැරකෙන ඔරලෝසු කටු හා මාරුවෙන් මාරුවට පත්තු වන බල්බ දෙස බලා සිටි ඔහු හිටියේ නොඉවසිල්ලෙන් ය.එක්වරම සියල්ල නතර විය.
යීබෝ දොර විවෘත කර ඇතුළු විය. ඔහු නැවත එළියට පැමිණීයේ වෙනම දොරකින් ය. එය ඔහුගේ පරික්ෂණ කාමරයට යාබද කාමරයක දොරක් ය.
ඔහුගේ කාමරයේ දොර විවෘත විය. එළියට පැමිණීයේ විනාඩි අටක් අනාගතයේ සිටින වන්ග් යීබෝ ය. ඔහු සිනාමුසු මුහුණින් දිව්වේය.
දැන් වේලාව 09. 20 am
" යීබෝ මොකද මේ සතුටින්? "
" මාගේ පරික්ෂණය සාර්ථකයි"
" මගෙන් සුබ පැතුම් වන්ග් යීබෝ"
මෙය දෙස බිත්තියකට මුවා වී වන්ග් යීබෝ බලා සිටියේය.
එක්වරම ඔහු ආපස්සට ඇදෙනවා මෙන් ඔහුට දැනිණ. අවසානයේ ඔහු නතර වූයේ ඔහුගේ කාමරයේ දොර අසලින්ය.
වර්තමාන වේලාව - 09. 19am
ඔහු කාමරයේ දොර විවෘත කර එළියට ගියේ පුදුමයෙන් ය.
" වන්ග් යීබෝ මොකද මේ සතුටින්? "
" ආ ?? මගේ පරීක්ෂණය සාර්ථකයි."
ඔහු ඉතා ප්‍රිතියෙන් පැවසුවේය." මගෙන් සුබ පැතුම්. "
" ස්තූතියි. "
ඔහු සමඟ කතාවේ යෙදුනු විද්‍යාඥයා එතනින් නික්මිණි.' මට අදහාගන්න බෑ. මම සාර්ථකයි. මෙය සාදයක් පැවැත්විය යුතු කරුණක්. "
වන්ග් යීබෝ එලෙස සිතමින් ඉදිරියට ඇදුනේ කෙනෙකු හමුවීමට ය.
" ඔබ දන්නවාද? මා සාර්ථක වුණා. දැන් මට ඔබව හමුවිය හැකි. "
වන්ග් යීබෝ සිනාමුසු මෙන්ම කදුළු පිරුණු දෙනෙතින් යුතුව කීවේය.
..................................................
තව කොටසක් හෙට උදේම දෙන්නම් යාලුවනේ........
💚♥️
🕚🕚🕚🕚🕚🕚🕚🕚🕚🕚🕚🕚
YOU ARE READING
⏳කාල ⌛ ( Completed )
Fanfictionආදරය වෙනුවෙන් ඔයාට නැති කරගන්න පුලුවන් ලොකුම දේ මොකක්ද?? ඔබ දුර්වල කෙනෙක් ද?? ශක්තිමත් කෙනෙක් ද??