10. 04. 2019
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
තවත් සුන්දර දවසක් උදා විය. වන්ග් යීබෝ මදක් එළියට පැමිණ වටපිටාව නැරඹීය.
' ගොඩක් ලස්සනයි. '
වන්ග් යීබෝ සිතුවේය.
" ගුඩ් මොර්නින්ග් වන්ග් යීබෝ. "
බංකුව මත වාඩි වී සිටි වන්ග් යීබෝ අසළට පැමිණි ෂියන් ෂාවෝ ඔහු ළගින් හිඳගෙන පැවසුවාය.
" අහ් සුභ උදෑසනක් ෂියන් "
" අද හරි ලස්සනයි නේද ? "
" ඔව් හරිම ලස්සනයි. නිදහස් බවක් දැනෙනවා. "
" යීබෝ මම ඔයාගෙන් දෙයක් අහන්නද ? "
" මොකද්ද ෂියන් ? "
" මම ඔයාගෙන් මීට අවුරුදු දහයකට කළින් ඇහුව දේ ? "
" ෂියන් මට එදා දුන්න උත්තරේ තමයි අදත් දෙන්න තියෙන්නේ. "
" එහෙමද ? මේ කොෆි එක බොන්න. "
ෂියන් රැගෙන ආ කොෆි එක බංකුව මත තබා එතැනින් පිටවිය.ඇය පිටවුනේ ඇය මේ යුනිවර්සිටි එකේ ගෙවපු සුන්දරම දවස මතක් කරගනිමින් ය.
...................................................
03. 02. 1999අවුරුදු විස්සකට පෙර එක දිනයක අවුරුදු 19 වයසැති ගැහැණු ළමයෙක් ෂැන්ග්හයි යුනිවර්සිටි එකේ ඔහේ ඇවිදිමින් සිටියාය.
පාලුවෙන් හා කම්මැලි කමින් ඇය සිටියෙදි එක පිරිමි ළමයෙක් ඇයගේ ඇඟේ හැප්පිණි.
" ඒයි. කොහේ බලාගෙනද යන්නේ ? "
" මට සමාවෙන්න. මම වෙන කල්පනාවක හිටියේ. "
ඔහු ඉතාම කියුට්, ලස්සන පිරිමි ළමයෙක්.
" නම මොකක්ද ? "
YOU ARE READING
⏳කාල ⌛ ( Completed )
Fanfictionආදරය වෙනුවෙන් ඔයාට නැති කරගන්න පුලුවන් ලොකුම දේ මොකක්ද?? ඔබ දුර්වල කෙනෙක් ද?? ශක්තිමත් කෙනෙක් ද??