" ඇත්තටම මේ පාර නම් මේක හරියන්නම ඕන. නැත්තම් මගේ 10 වෙනි පාර පරික්ෂණයත් අසාර්ථකයි. බලමු. මේ පාර හරි මේ blue bulb එක පත්තු වුනොත් වැඩේ ගොඩ "
වන්ග් යීබෝ ලොකු කාර්යක නිරත වෙයි.
වන්ග් යීබෝ යනු විද්‍යාඥයෙකි. නමුත් ඔහු අනිත් විද්‍යඥායින් ට වඩා බොහෝ වෙනස්. ඒ ඔහු නිතරම පරික්ෂාවට භාජනය කරන්නේ මිත්‍යාවන්, එහෙමත් නැත්නම් භෞතික නොවන දේවල් පිළිබඳව නිසා. ඔහු ඔහුගේ පරික්ෂණ කටයුතු කරන්නේ චීනයේ Shanghai වල තියෙන ලොකුම university එකේ. ඒ වගේම එහි ලාබාලතම විද්‍යඥයා වෙන්නෙත් ඔහුයි.( ලාබලතම කිව්වට එයාට දැන් වයස 38ක්.😁 )
වන්ග් යීබෝ තම පරික්ෂණ සටහන් පොතේ මෙලෙස සටහන් කරයි.
08. 04. 2019 - 7.30pm
" මෙවර පරීක්ෂණයේදි නිල් බල්බය දැල්වුන නමුත් යන්ත්‍රය ක්‍රියාත්මක වනවා සමඟම නිල් බල්බය නිවි ගියේය.
මෙවර පරීක්ෂණය අන් පරීක්ෂණ වලට වඩා තරමක් සාර්ථකයි "ඔහු මෙලෙස සටහන් කරගත් පිටු 200ක් පමණ සොයාගත හැකිය.
වන්ග් යීබෝ මේ පරීක්ෂණය කරන්න හිතුවේ ඇයි??
මීට වසර 10 ට පෙර ...........
" කොහොමද මේ පාර බ්‍රහස්පති වලට යන්න පුලුවන් ද ? "
ඒ වන්ග් හන් සන් ය. ( විද්‍යාඥයෙකි. )
" ඔව් අපි මේ පාර බ්‍රහස්පති වලට යන්න පුලුවන් වෙයි කියලා හිතනවා. සතියක් ඇතුළත. මේ අභ්‍යාවකාශ යානාව අපි හදපු වේගවත් ම එක "
" හරි අපි සතුටුදායක ආරංචියක් බලාපොරොත්තු වෙනවා. "
08. 02. 2009 උදෑසන 8. 40
අභ්‍යාවකාශ යානාව අධික වේගයෙන් පෘථිවියෙන් පිටවිය.
" මහාචාර්ය ෂියාඕ ජාන්. "
ෂියාඕ ජාන් යනු Shanghai university එකේ සිටින හොඳම විද්‍යඥයා හා මහාචාර්ය වරයාය.
එවකට ඔහුට වයස 32කි.
" ඔව් යීබෝ "
" ඔබතුමා කාලතරණය විශ්වාස කරනවද ? "
" ම්ම්...... විශ්වාස කරන්න අමාරුයි. ඒත් පුලුවන් කියලා හිතනවා. "
" අපිට බැරිද කාලතරණය කරන්න. "
" ඒ කොහොමද ? "
" ඔයා දැක්කා නේද අර අභ්‍යාවකාශ යානාව පෘථිවියෙන් ගිය විදිහ. ඒ විදිහට යානයක් හදලා අපිට ඒක කරන්න බැරිද ? "
" හහ් හහ්........ යීබෝ ඔබ මාව හිනාගස්සනවා. "
" ඇයි ? "
" යීබෝ ඒ දෙකම භෞතිකයි. ඒත් ඔයා කියන විදියට භෞතික දෙයකින් කොහොමද භෞතික නැති දෙයක් තරණය කරන්නේ ? "
" ඒත් මට ඒක හොයන්න ඕන. "
" හරි ඔයා දැන් ඔය කරන පරික්ෂණ ටික කරලා ඔයාට පුළුවන් ඔය පරීක්ෂණය කරන්න "
" හරි. ස්තූතියි මහාචාර්ය තුමා. "
" හරි මම අද ගෙදර යනවා "
" හොඳයි මහාචාර්ය තුමා. පරිස්සමින් යන්න. "
" ම්ම්. "
....................................................
වර්තමානයට
" එදා මට ඔයාට ගෙදර යන්න නොදෙන්න තිබ්බා ජාන් "
පළවෙනි කොටස හොඳයි ද ??
අදහස් කියන්න බලන්න
YOU ARE READING
⏳කාල ⌛ ( Completed )
Fiksi Penggemarආදරය වෙනුවෙන් ඔයාට නැති කරගන්න පුලුවන් ලොකුම දේ මොකක්ද?? ඔබ දුර්වල කෙනෙක් ද?? ශක්තිමත් කෙනෙක් ද??