🕰️ ⌛ අවසන් කාලතරණය 🕯️🕰️

242 24 9
                                    


..........🌖🌖🌖..................

⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳

රාත්‍රි 11. 47 විය. වන්ග් යීබෝ නැවතත් කාලතරණය සඳහා සූදානම් විය.

2009.02.08:08:30
පරිගණකයේ එලෙසින් සටහන් කළ ඔහු යන්ත්‍රය ක්‍රියාත්මක කළේය.

තත්පර කිහිපයකට පසු සියල්ල නතර විය. ඔහු දොරටුව විවෘත කළේය.

' මේ මාගේ අවසන් කාලතරණය '

..............................🕚🕚🕚🕚🕚🕚🕚🕚

ඔහු හිටියේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහු හිටියේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ය. එහි තිබූ washroom එකක් තුලින් ය.

ඔහු එතැනින් එළියට ගොස් ඉක්මනින් ෂියාඕ ජාන් සිටින තැන සොයන්නට විය.

08.02.2009:08.40

" මහාචාර්ය ෂියාඕ ජාන්"

" ඔව් යීබෝ"

" ඔබතුමා කාලතරණය විශ්වාස කරනවද? "

" ම්ම්...... විශ්වාස කරන්න අමාරුයි. ඒත් පුලුවන් කියලා හිතනවා. "

" අපිට බැරිද කාලතරණය කරන්න"

" ඒ කොහොමද? "

" ඔයා දැක්කා නේද අර අභ්‍යාවකාශ යානාව පෘථිවියෙන් ගිය විදිහ. ඒ විදිහට යානයක් හදලා අපිට ඒක කරන්න බැරිද? "

" හහ් හහ්... යීබෝ ඔයා මාව හිනාගස්සනවා"

........ ' ඔයා හිනා වෙද්දි ගොඩක් ලස්සනයි ජාන්. ' මම අදයි ඒක දැක්කේ'......
ඔවුන් දෙස රහසින් බලා සිටි යීබෝ මිමිණීය.

............... "හරි. මම අද ගෙදර යනවා"

" හොඳයි මහාචාර්ය තුමා"

" ම්ම්"

ෂියාඕ ජාන් ඔහුගේ කාර්ය අවසන් කර යුනිවර්සිටි එක බලා පිටත්විය. වන්ග් යීබෝ ඔහු සමඟ නොගියේ ඔහුට කාර්යක් කිරීමට තිබු බැවිනි.

⏳කාල ⌛ ( Completed )Where stories live. Discover now