🔔🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🔔
රාත්‍රි 8.00 පසුවිය. වන්ග් යීබෝ තරමක් වෙහෙසට පත් වී ඇත.
' මම ඇත්තටම එදාට යන්න ඕන. '
ඔහු ගියේ 1999. 01. 05 දා දිනයටයි.
ඒ ඔහු යුනිවර්සිටි ගිය පළමු දිනයයි.
පරණ තාලයට හදපු ඒ යුනිවර්සිටි එක. වන්ග් යීබෝ හිටියේ ඊට ඉදිරියෙනි.' ඒ කාලේ කොච්චර සරල ද ? '
ඒ අතර දී ඔහු දුටුවේ පාර මාරුවීම ට බලා සිටින 18 හැවිරිදි යීබෝය.
මුහුනේ එකදු හිනාවක් නැතිව ඔහේ පාර මාරුවී යුනිවර්සිටි ය ඇතුළට ගිය ඔහු දෙස යීබෝ බලා සිටියේය.' මම එච්චර කම්මැලි පෙනුම තියෙන කෙනෙක් ද ? හැබැයි දැනුත් වෙනසක් නැහැ. '
යීබෝ සිතින් සිතුවේය.
18 හැවිරිදි යීබෝ තම දේශන කාමරය සොයා ගත නොහැකි ව වටපිට බලමින් සිටී.
" ඔයා මෙහෙට අලුතින් ආපු ශිෂ්‍යයෙක් ද? "
සිනාමුසු මුහුණින් යුතු ඔහු ට තිබුනේ හරිම කාරුණික පෙනුමක්. ඔහු 24 හැවිරිදි ෂියාඕ ජාන් විය. ඔහු යුනිවර්සිටි යේ සිටි දක්ෂතම සිසුවෙක් විය.
" අහ් ඔව්. මම මේ මගේ පන්තිය හොයනවා. "
" අහ් එහෙමද ? ඔයා කරන විශය මොකක්ද ? "
" විද්‍යාව "
" අහ් එහෙමද? මමත් කළේ ඒකමයි. ඉන්න මම ඔයාට පන්තිය පෙන්නන්න. "
" ඔයාට ස්තුතියි. "
හමුවු පළමු වර නිසා යීබෝ වැඩි කැමැත්තකින් ඔහු සමඟ කතා කළේ නැත.
" ඔයාගේ නම මොකක්ද ? "
" මම වන්ග් යීබෝ. "
" ම්ම්. වන්ග් යීබෝ. හමුවීම සතුටක්. මම ෂියාඕ ජාන්. "
YOU ARE READING
⏳කාල ⌛ ( Completed )
Fanfictionආදරය වෙනුවෙන් ඔයාට නැති කරගන්න පුලුවන් ලොකුම දේ මොකක්ද?? ඔබ දුර්වල කෙනෙක් ද?? ශක්තිමත් කෙනෙක් ද??