Part 15 ❀

935 57 10
                                    

යුහාන් එක්ක සිතුම්ට බීච් එකට යන්න ඕනි උන නිසා යෙතීශ්ගෙ condo එකේ ඉදන් ඒ දෙන්න අයියලාට බොරු කියලා හවස් වෙලා  බීච් එකට ආවා..

ඒත් වැඩි වෙලාවක් එයාලට බීච් එකේ පාඩුවේ ඉන්න හම්බුනෙ නෑ..සිතුම්ට කොල්ලො ටිකක් කරදර කරන්න ආව නිසා යුහාන්ට හොදටම තරහ ගිහින් ඒ කොල්ලො ටිකට බනින්න ගියත් එයාල යුහාන්ටත් කරදර කරන්න ගත්තා..ඉවසීමේ සීමාව පැන්න යුහාන් කොල්ලො ටික ලගම තිබ්බ බැට් එක්කක් උදුරත් එයාලටම ගහන්න පටන් ගත්තා..

" යුහාන් ඕක නවත්තන්නකෝ.."

" අහ් තව කාටද ගුටි කන්න ඕනි මෙහෙ එනවා..උබල කරදර කරන්න නේ ආවෙ අපිට.."

" යුහාන් ඕක නවත්තපන්..ඒයී.."
සිතුම් කොච්චර එපා කිව්වත් යුහාන් බැට් එකෙන් එයාලට කරදර කරන්න ආව කොල්ලොන්ට ගහන ගහන ගියේ ගොඩක් වියරුවෙන්..

" ආර්හ්හ්හ්හා.."

" යුහාන්..."

" උබ මට ගැහුව නේ පො#නයා.."
රණ්ඩුව අතරෙදි එක කොල්ලෙක් අතින් යුහාන්ට පාරක් වැදුනත් ආපිට යුහාන් ඒ කොල්ලට බැට් එකෙන් පාරක් එල්ල කරේ උරහිසට...කොල්ලො හතර දෙනෙක් යුහාන් එක්ක ගහ ගන්නවා ඒත් යුහාන්ට එහෙන් මෙහෙන් සැර පාරවත් තුන හතරක් වැදුනත් යුහාන් බැට් එකෙන් ගහල ගහල මේ වෙද්දිත් දෙන්නෙක්ට නැගිට ගන්නම බැරි වෙන්න බිම දාලා ඉවරයි..

" අහ්ම්...තුන්දෙනායි..උබ විතරයි ඉතුරු..මුන්වත් අරගෙන මෙතනින් යනවද නැත්තන් උබටත් දෙන්නද මුන්ට වගේ.."
යුහාන් බැට් එකත් කරේ තියාන හිනා වෙ වී කියද්දි ඉතුරු උන කොල්ල ඉනේ හන්ගන් හිටිය පිහියක් එලියට ගත්තා.

" උබ ඕකෙන් මට අනින්නද ලෑස්ති අහ්.."

" යුහාන් එපා යුහාන් මෙහෙ එනවකෝ..අනේ.."

" කට වහන් ඉන්නකො සිතුම් පොඩ්ඩක්.. කෑ ගහන්නෙ බොරුවට.."
සිතුම්ටත් බැන බැන යුහාන් ටික ටික ඉස්සරහට ගියේ ඉතුරු උන කොල්ලට ලන් වෙන්න..

යුහාන්ට ගොඩක් තුවාලයි ඔලුවෙන් පවා ලේ ගලනවා..ඒත් එයා ඉන්නේ ඒව නොදැනෙන ගානට..ඇත්තම කතාව යුහාන් තුන්වෙනි පාරටත් ඩ්‍රග්ස් අරන් ඉන්නේ ඉතින් එයාට තුවාලවල වේදනාව ගැන ගානක් නෑ වගේම එයා මේ මොනාද කරන්නෙ කියලවත් එයාට තේරුමක් නෑ..

Friend With Benefits 🖤  ✅Where stories live. Discover now