Part 16 ❀

947 55 7
                                    

උදේ ඇහැරෙද්දි යුහාන් හිටියෙ එයාගෙ ගෙදර..ඇස් ඇරලා බලද්දි අයාන් එයාව තුරුල් කරන් හොදට නිදි..

" අයියා.."

" අයියා නැගිටින්නකෝ.."

" ම්ම්ම්..යුහාන්..ඔයා ඇහැරියාද.."

" හ්ම්ම්.."

" ම්ම්ම්ම්..ඇගට අමාරුද.."

" ම්හුක්.."

අයාන් හෙමීට නැගිටලා ඇදෙන් ඉදගත්තේ යුහාන්ගෙ ඔලුව අත ගාන ගමන්..

" ඕම ඉන්න කිරි එකක් හදන් එන්නම්.."

" මං කොහොමද ගෙදර ආවේ.."

" මං එක්කන් ආවෙ ස්ටෙෆාන් කෝල් කරා යෙතීශ් ඔයාව ඇවිල්ල එක්කන් යන්න කිව්ව කියලා..පාන්දර එක්කන් ආව ඒක නිසා.."

" යෙතීශ් අයියද කිව්වේ එක්කන් යන්න කියලා.."

" හ්ම්ම්.."

යෙතීශ් එයාව එක්කන් යන්න කිව්ව නිසා යුහාන්ගෙ මූණ මැලවිලා ගියා..යුහාන්ගෙ හිතේ මේ වෙලාවෙ තියෙන්නෙ..යෙතීශ්ට එයාව එපා වෙලා ඇතිව දැන් එයාව වදයක් වෙලාද කියලා..

" අයියා..මට බනින් නැද්ද.."

" අපි පස්සෙ කතා කරමු යුහාන්..ආච්චි අම්මට කියන්න එපා ගහ ගන්න ගියා කියලා වැටුන කියලවත් කියන්න.."

" හ්ම්ම්.."

ඇදෙන් නැගිටපු අයාන් යුහාන්ගෙ කාමරෙන් යන්න ගියා..

ආච්චි අම්ම ඇත්ත දැනගත්තොත් ගොඩක් දුක් වෙයි මොකද එයා යුහාන්ට පන ඇරලා ඉතින් කොහොමද යුහාන් මෙහෙම වෙනස් වෙද්දි ඒක දරා ගන්නේ..

ටිකක් වෙලා ඇදට වෙලා හිටිය යුහාන් හෙමීට පහලට ආවා..ඊයෙ ගානක් නැති උනාට යුහාන්ට දැන් වැදුන හැම පාරක්ම රිදෙන්න අරන්..ඇගේ නිල් වෙලා තියන තැන් ඇල්ලුවත් රිදෙන තරම්..ඔලුවෙ කක්කුම ඔක්කොටම වඩා..

" අනේ මගෙ දෙයියනේ චූටි පැටියෝ..මොකද මගෙ රත්තරං මේ..අනේ.."

පහලට ආව යුහාන්ව බදාගෙන ආච්චි අම්ම අඩන්න පටන් ගත්තා..

" ලොකු අව්ලක් නෑ ආච්චි අම්මා මං වැටුන නේ.."

" අනේ මගෙ අම්මට මං කියනව හැමදාම පරිස්සම් වෙන්න කියල අප්පා කියන දේ අහනව යෑ.."

Friend With Benefits 🖤  ✅Where stories live. Discover now