Part 18 ❀

922 46 9
                                    

යෙතීශ් යුහාන්ව එක්කන් condo එකට එද්දි රෙහාන් සිතුම්වත් එක්කන් ඇවිල්ල තිබුනා..

පාන්දර එකත් පහු වෙලා..යෙතීශ් තරහටම යුහාන්ව එහෙම්ම දාලා කොහෙදෝ යන්න යද්දි යෙතීශ්ගෙ රූම් එකට සිතුම් ඇවිල්ලා එයාගෙ හොදම යාලුවාට වොශ් එකක් දාන්න උදව් කරලා පෙයින්කිලර් දෙකක් දීලා ආයෙත් ඇදේ හාන්සි කරා..

" යුහාන්..මොකක්ද මේ වෙන්නෙ කියලා මට කියනවද.."

" ඇයි යෙතීශ් අයියා ඔයාට මෙහෙම සලකන්නේ.."

" එයා ඔයාට ගොඩක් රිද්දලා යුහාන්.."

යුහාන් සිතුම්ට වේදනාව අස්සෙන්ම හිනාවෙලා එයාව තදින් බදා ගත්තා..

" මං දන් නෑ සිතුම්..මං දන්න එකම දේ මං යෙතීශ් අයියට ආදරෙයි එච්චරයි.."

" කෝ මෙහෙ බලපන්..අපි දැන් ගෙදර යමු..අයාන් අයියා කෝල් ගත්තා..ගෙදර ගිහින් නිදා ගමු හොදද..මං ඉන්නවනෙ ඔයාට.."

කොච්චර වෙනස් උනත් සිතුම් දන්නවා යුහාන්ගෙ ඇතුලේ තාමත් අර හුරතල් අහිංසක කොල්ල ඉන්න බව..ඉතින් සිතුම් යුහාන්ව පපුවට තුරුල් කරන් ගොඩාක් වෙලා හිටියා..

" සිතුම් මං ඔයාලව ගිහින් දාන්නද.."

සිතුම් යුහාන් එක්ක හෙමීට පහලට එද්දි හම්බුනේ රෙහාන්ව..

"අයියෙ මෙයාට ඇවිදින්න අමාරුයි..වඩාන එක්කන් යන්කෝ.."

සිතුම්ට උත්තරයක් දෙනව වෙනුවට රෙහාන් ගිහින් යුහාන්ව හරහට වඩා ගත්තා..යුහාන් ඉන්නෙ ගොඩක් අමාරුවෙන් ඇවිද ගන්නවත් පන නැතුව..රෙහාන් යුහාන්ව එක්කන් ගිහින් කාර් එකේන් වාඩි කෙරෙව්වා..

" තෑන්ක්ස් අයියා.."

" උබ පව් මල්ලී..යෙතීශ් මහ තිරිසනෙක් යුහාන්..ඌ ආදරේ දන්නේ නෑ ඌට ඒක දැනෙන්නෙත් නෑ..යෙතීශ්ට ආයෙ ලන් වෙන්න එපා යුහාන් ඔයාටමයි රිදෙන්නේ.."

" අයියෙ ඒත්.."

" මෝඩ කොල්ලා..කියන්නනම් ලෑස්ති වෙන්න එපා ඒත් ආදරෙයිනෙ කියලා.."

යුහාන් මුකුත් නොකියා බිම බලා ගත්තා..

" යෙතීශ්ට ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරුන් ගන්න බෑ..උගෙන් ටික කාලයක් ඈ වෙලා ඉන්න යුහාන්.. ඔයා ගැන ආදරයක් එයාගෙ හිතේ තියනවනම්..ඔයා නැති අඩුව දැනෙද්දි කාලයත් එක්ක සමහරවිට තේරුන් යයි.."

Friend With Benefits 🖤  ✅Where stories live. Discover now